සිරියාවේ පැල්මයිරා නගරයට එල්ල වූ ගෑස් ප්‍රහාරයක් බවට සැක කරන ප්‍රහාරයකින් 53 දෙනකු පමණ මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.එම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර ද එල්ල වූ බව වාර්තා වෙයි.
මිය ගිය අය අතර ළමයින් 28ක් සිටින බව නිරීක්ෂණ සංවිධාන කියයි.
තුවාල රහිත සිරුරු මියගිය සිරුරු අතර වන බව හමා ප්‍රදේශයේ ආරංචි මාර්ග කියයි.ඒ සමගම රුසියා හමුදාවට හා සිරියා රජයේ හමුදාවට රසායනික අවි භාවිත කළැයි චෝදනා එල්ල වෙයි.රසායනික අවි භාවිතා කිරීමේ චෝදනා ඔවුහු ප්‍රතික්ෂේප කරති.
එම නගරය පසුගිය ඉරිදා(11) අයි එස් ත්‍රස්තයින් විසින් අත්පත් කරගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd