සිරියාවේ පැල්මයිරා පුද බිමේ ප්‍රධානතම පෞරාණික දේවස්ථානයේ කොටසක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පුපුරවා හැර ඇති බව බී.බී.සී සේවය වාර්තා කරයි.

එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම්කරන ලද්දකි. වසර දෙදහසක් පමණ පැරණි දේවස්ථානයක් බව ද පැවසේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ දේවස්ථානයෙන් විශාල පිපිරීමක් ඇසුණු බවයි.

මෙම පුද බිමේ තිබු තවත් දේවස්ථානයක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් විනාශ කර දමනු ලැබූ බව පසුගිය සතියේ ද වාර්තා විය.

පැල්මයිරා පුද බිම අයත් ප්‍රදේශය අයි එස් කැරලිකරුවන් අතට පත් වූයේ පසුගිය මැයි මාසයේ දීයි.