ඉන්දියාවේ කොල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 18 දක්වා ඉහල ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පාලම කඩා වැටීමෙන් 70 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
පාලමේ සුන් බුන් වලට යටවී සියයකට අධික පිරිසක් සිටින බව ද මාධ්‍ය සදහන් කරයි. එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග යුද හමුදාව මේ වන විට පාලමට යට වුවන් බේරා ගනිමින් සිටියි.
යටවී සිටින මිනිසුන් හඳුනාගැනීමට සංවේදක,පොලිස් බල්ලන් යවා ඇති බව ද සඳහන්ය. මෙවන් අපදා ඉන්දියාවේ බොහෝ සිදු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ්, මේවා ස්වභාව ධර්මයේ වැඩ නෙමෙයි. නිසි ප්‍රමිතියක් නැතුව මේවා හදනකොට මේ වගේ දේවල් වෙනවා. (නි)
එට්කා වලින් අපිට ලැබෙනවාය කියන මහා ආර්ථික ලාභයන් ඉන්දියාවටම දුන්නොත් නරකද, එහේ අපායන් වගේ තැන්වල ඉන්න මිනිසුන්ගේ ජීවිත සැපවත් කිරීමට හා මේ වගේ දේවල් නවීකරණයට හා බින්දුවේ අගයක පවතින අනෙකුත් යටිතල පහසුකම් නඩත්තුවට? එතකොට අපේ රටේ රස්සා ටිකයි වැටුප්වල ස්ථාවරත්වයයි දෙකම ආරක්ෂා වෙනවනේ පිනකුත් කරගන්න ගමන්ම (නි)
ස්වභාව ධර්මයෙන් හැම දේම පාලනය වෙනවා නේ. (ම)
ඉන්දියාවේ වැඩ ඔහොම තමයි. බාලයි. ලංකාවටත් හොඳ පාඩම් මේවා. ඉන්දියාව අපේ වැඩ වලට ගවාගන්නකොට දෙපාරක් හිතන්න වෙයි (නි)