
පිලිපීනයත්, ඉන්දුනීසියායට අයත් දූපත් කීපයකුත් ප්‍රබල භූමිකම්පාවකින් කැලඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක් ලෙසය.
භූමි කම්පාවේ පිහිටීම සහ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින්, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. භූමිකම්පාව හටගත්තේ, මුහුදු පතුලේ කිලෝ මීටර් 23 ක් ගැඹුරිනි.
සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් කියා සිටියේ මීටර් 1 ත් 3 ත් අතර සුනාමි රළ අවට දූපත්වලට කඩා වැදීමේ අවදානමක් ඇති බවය.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ භූමිකම්පාවෙන් විපතට පත්වුණු පිලිපීන වැසියන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දීම කඩිනමින් සිදුවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd