පිලිපීන නව ජනපති ලෙස රොඩ්‍රිගෝ ඩුටර්ටේ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

නව ජනපති ලෙස පත්වූ ඩුටර්ටේ දූෂණ පිටුදැකීම වෙනුවෙන් මැතිවරණයේදී පෙනී සිටියේය. ඔහු ඩාවාඕ නගරයේ හිටපු නගරාධිපතිවරයකු ද වෙයි. ඔහුගේ ප්‍රතිවාදියා වූ මැනුවල් රොක්සස් ඡන්ද මිලියන 9ක් පමණ හිමිකරගනිද්දී ඩුටර්ට් ඡන්ද මිලියන 14 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබිණි.

එරට වැසියන් රොඩ්‍රිගෝ ඩුටර්ටේ නව ජනපති ඩිගොන් යන නාමයෙන්ද හඳුන්වති. 

පිලිපීනයට නව ජනපතිවරයෙක්, උප ජනපතිවරයෙක් හා මන්ත්‍රීවරු තෝරාගැනීම සඳහා සඳුදා පැවැති මහ මැතිවරණය සඳහා මිලියන 55ක් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටියහ.