පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ දරුණු සුළි කුනාටුවක් හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු මියගොස් සිය ගණනකට උන්හිටි තැන් අහිමිව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ප්‍රබල ටයිපූන් කුනාටු තත්ත්වයක් හේතුවෙන් ගංවතුර තර්ජනද ඇතිවී ඇතැයි කියති.

අඟහරුවාදා පිලිපීනයේ මැනිලා අගනුවරට ඇතිවූ ජල ගැලීම් තත්වය හේතුවෙන් දුම්රිය සේවා මෙන්ම වාහන ගමනාගමනයද අක්‍රිය විය.

අයහපත් කාලගුණයත් සමග පුද්ගලයන් 5 දෙනකු අතුරුදන්ව ඇතැයි ද කියති.

එරට වැසියන් ‘නෝනා‘ලෙස හඳුන්වනු ලබන මෙම ටයිපූන් කුනාටු තත්ත්වය මින්ඩරෝ දූපත් වලට වයඹ දෙසින් කිලෝමීටර් 150 ක් පමණ දුරින් ඇතිවී ඇතැයි වාර්තාවේ.

බොහෝ නිවාසවල විදුලි බලය බිඳ වැටී ඇති අතර එම පළාතේ විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගතවනු ඇතැයිද ආපදා කළමනාකරණ නිලධාරිහු කියති.

ඇල්බේ මුහුදු බොක්කේ  ධීවරයන් පස් දෙනකුද අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

philippines-typhoon20151216