IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පිලිපීනයට දරුණු සුළි කුනාටුවක්

පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ දරුණු සුළි කුනාටුවක් හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු මියගොස් සිය ගණනකට උන්හිටි තැන් අහිමිව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ප්‍රබල ටයිපූන් කුනාටු තත්ත්වයක් හේතුවෙන් ගංවතුර තර්ජනද ඇතිවී ඇතැයි කියති.

අඟහරුවාදා පිලිපීනයේ මැනිලා අගනුවරට ඇතිවූ ජල ගැලීම් තත්වය හේතුවෙන් දුම්රිය සේවා මෙන්ම වාහන ගමනාගමනයද අක්‍රිය විය.

අයහපත් කාලගුණයත් සමග පුද්ගලයන් 5 දෙනකු අතුරුදන්ව ඇතැයි ද කියති.

එරට වැසියන් ‘නෝනා‘ලෙස හඳුන්වනු ලබන මෙම ටයිපූන් කුනාටු තත්ත්වය මින්ඩරෝ දූපත් වලට වයඹ දෙසින් කිලෝමීටර් 150 ක් පමණ දුරින් ඇතිවී ඇතැයි වාර්තාවේ.

බොහෝ නිවාසවල විදුලි බලය බිඳ වැටී ඇති අතර එම පළාතේ විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගතවනු ඇතැයිද ආපදා කළමනාකරණ නිලධාරිහු කියති.

ඇල්බේ මුහුදු බොක්කේ  ධීවරයන් පස් දෙනකුද අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

philippines-typhoon20151216



අදහස් (0)

පිලිපීනයට දරුණු සුළි කුනාටුවක්

සුධීර Thursday, 17 December 2015 02:43 AM

ඇයි අහිංසක මිනිසුන්ටම මෙච්චර කරදර? (නි)

:       0       0

එරංග Wednesday, 16 December 2015 01:20 PM

මේ රටේ අය ඉන්නේ කොහෙද ඒ තැන හරියට අපායවල් වගේ තමයි,. මෙහෙ ඉන්නවා මේ රටේ බහුතරයක්ම, එයාල ඉන්න ගෙවල් වලට උත්සවයකටවත් යන්න බැහැ (බ)

:       0       0

ඇසළ Wednesday, 16 December 2015 07:01 AM

නියම අපායක් මිනිස්සු මේවගේ තැනක ජිවත් වුණේ කොහොමද.(ම)

:       0       0

උපාලි Thursday, 17 December 2015 02:29 AM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 515 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site