පිලිපිනයේ දකුණු දිග කොටබැටෝ පළාතේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් 7 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.
භූ කම්පනයේ කේන්ද්‍රය මැනිලා නගරයට කිලෝමීටර් 972ක් දුරින් පිහිටි ටුලුනන් නගරයට ඊසාන දිගින් පිහිටා තිබූ බවත් සුනාමි අවදානමක් ඇති නොවූ බවත් පිලිපීනයේ භූ කම්පන ආයතනය පවසයි.
නිවාස හා ගොඩනැගිලි කඩාවැටීම් වාර්තා වී ඇති බවත් බොහෝ අලාභ හානි සිදුවී ඇති බවත් සඳහන් වේ.
ටුලුනන් නගරයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් සිසුන් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇත.
මෙම ප්‍රදේශයේම පසුගිය 16 වැනි දා ඇතිවූ භූ කම්පනයක් හේතුවෙන් 7 දෙනෙකු මියගොස් 215 දෙනෙකු තුවාල ලැබූහ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පිලිපීනයේ භූ කම්පනයකින් 7 ක් මරුට