පිලිපීනයේ සෙබු පළාතේ සිදුවූ නායයෑමකින් 21දෙනෙකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
සුන්බුන් වලට යටවූ පිරිස් උදව් ඉල්ලා කෙටි දුරකථන පණිවුඩ එවා ඇතැයි පොලිසිය පවසයි.
ගම්මාන දෙකක පිරිස් මෙම නායයෑම හේතුවෙන් ආපදාවට පත්වි ඇත.
පවුල් 600ක් පමණ සහන සේවා මධ්‍යස්ථානවල රඳවා ඇති අතර මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවසේ.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුවි ඇතැයි කාලගුණ අංශ පවසයි.
පිලිපිනයේ උතුරු ප්‍රදේශය හරහා පසුගිය සතියේ හමාගිය සුළි කුණාටුව හේතුවෙන් 80ක් පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd