පිලිපීනයේ දකුණු දිග රෝමානු කතෝලික දේවස්ථානයන සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 27දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටුම් පවතින ජොලෝ දිවයිනේ දේවස්ථානයක මෙම පිපිරීම සිදුව තිබෙන අතර බෝම්බ දෙකක් පුපුරා ඇති බව පොලිසිය පවසයි.

ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ දේවස්ථානය ඇතුලත එක් බෝම්බයක් පුපුරා ඇති අතර ඊට මද වේලාවකට පසු දේවස්ථානයෙන් පිටත රථගාලේ දෙවන බෝම්බය පිපිරී ඇත.

අබු සයාෆ් නම් සන්නද්ධ කණ්ඩායමක් ප්‍රදේශයේ සටන් මෙහෙයවන නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.

දින කිහිපයකට පෙර මෙම කළාපයේ ස්වතන්ත්‍ර පාලනයක් සඳහා ජනමත විචාරණයක් ද පැවැත්වී ඇත.

 

(බීබීසී ඇසුරිණි - 085)