මැනිලාහිදීය (ඒ.එෆ්.පී)
දකුණු චීන මුහුදේ ඛනිජ සම්පත් කැණීම් ඒකාබද්ධව සිදු කිරීම සඳහා චීනය සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව පිලිපීන විදේශ ලේකම්වරයා අද (16) පැවැසීය.
දකුණු චීන මුහුද උපායමාර්ගික වැදගත්කමකින් සමන්විත වන අතරම දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර අර්බුදයක් ද පවති. දකුණු චීන මුහුද සහ අවට කලාපයේ අයිති වෙනුවෙන් දෙරට අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇති වේ.
දෙරට අතර සමසේ සම්පත් බෙදා ගැනීමට ඒකාබද්ධ කැණීම් කටයුතුවලින් අවස්ථාව උදා වනු ඇතැයි පිලිපීනයේ විදේශ ලේකම් ඇලන් පීටර් පැවැසීය.
“අපිට දකුණු චීන මුහුද අවශ්‍යයි. අපට වගේම චීනයටත් එය අවශ්‍යයි. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් සකසනවා. ඒකාබද්ධ කැණීම් කිරීම සඳහා අපි අපේ ව්‍යවස්ථාවට අනුකූලව වැඩ පිළිවෙළක් නිර්මාණය කරනවා. අපේ රටවල් දෙකටම මෙය ඉතා වැදගත්. ඉන් අනතුරුව අපි ඒකාබද්ධ කැණීම් කටයුතු ආරම්භ කරනවා” යැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd