
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9 ක භූ කම්පනයෙන් පුද්ගලයන් 26 දෙනකු මියගිය බව පැවැසෙයි.
විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නමැති නගරයේ වෙරළට ආසන්නයෙන් භූ කම්පනය හටගත් බවය. භූ කම්පනයෙන් තවත් පුද්ගලයන් 147 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇණහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව ද පැවැසෙයි. සෙබු නගරයේ ජනගහනය මිලියනයකි.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බව පිලිපීන ගිනිකඳු සහ භූ කම්පන විද්‍යා ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
භූමිකම්පාවෙන් විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි ගණන 2,000 ක් බව පැවැසෙයි. ඒවායේ සිරවුණු පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් මේවනවිට ආරම්භ වී තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ තවත් ඉහළ යනු ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd