පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටරේ ගමන් ගත් වාහන පෙළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බවත් එයින් ජනපතිගේ ආරක්ෂකයින් හත් දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පිලිපීනයට අයත් දූපතක් වන මින්ඩානාඕ හි මරාවි පෙදෙසේ සංචාරයක යෙදී සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. 

ජනපති ආරක්ෂකයින්ට අමතරව ජනපතිගේ මාධ්‍ය කණ්ඩායම ද ඔහු සමග මෙම සංචාරයට එක්ව සිටි අතර ඔවුන්ට ප්‍රහාරයෙන් හානියක් සිදුව නැතැයි වාර්තාවේ.

ජනපති ආරක්ෂක උපදේශකයන් ඩුටරේගේ මරාවි සංචාරය ආරක්ෂා රහිත බවත් ඉන් වැළකී සිටින ලෙසත් ඔහුට උපදෙස් දී ඇතත් ජනපති එය ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.

webduterte-attack_0