පිලිප් කුමරු සෙනසුරාදා දිනයේදී ආසන පටි නොපැළඳ ලෑන්ඞ් රෝවර් රථයක් ධාවනය කරන අයුරු දක්වෙන ඡායාරූප කිහිපයක් පුවත්පත්වල පළ වී තිබිණි. කෙසේ නමුත් එම ඡායාරූප ගෙන තිබුණේ නෝෆෝක් හි පිහිටි සැන්ඩ්‍රින්ගම් රාජකීය නිවාස ආසන්නයේදීය. පිලිප් කුමරු මහාමාර්ගයක ආසන පටි පළඳින්නේ නොමැතිව රිය ධාවනය කර නැතැයි ද දැනගන්නට ලැබිණි.
පිලිප් කුමරු ඉකුත් බ්‍රහස්පතින්දා රිය අනතුරකට මුහුණ දුන් අතර එයින් දින දෙකකට පසුව පොලිසිය මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
“අපිට ඡායාරූප ගැන දැනගන්න ලැබුණා” යැයි පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.
“මෙවැනි ඡායාරූප පිළිබඳ තොරතුරු ලැබුණු විට සහ එවැනි ඡායාරූප ලැබුණු විට අපි එම රියදුරන්ට අවවාද කරනවා. අනතුරු අඟවනවා. ඒ සඳහා නියමිත ප්‍රතිචාර දක්වනවා. මේ අවස්ථාවේදීත් අපි එම ක්‍රමවේදය අනුගමනය කළා” යැයි ද එම ප්‍රකාශකයා කීවේය.
එම අනතුරින් පිලිප් කුමරුන් තුවාල නොලැබුවත් අනෙක් රථයේ රියදුරු වූ 28 ක හැවිරිදි කාන්තාවක් මෙන්ම එහි සිටි 45 හැවිරිදි තවත් කාන්තාවක් ද තුවාල ලැබූහ. එම රථයේ සිටි මාස නවයක කුඩා දරුවෙක් ද තුවාල ලැබීය. ඔවුන් රෝහල් ගත කළ අතර ප්‍රතිකාර ලබා ඔවුහු පසුව රෝහලෙන් නික්මුණහ.
මේ පිළිබඳව විමසූ විට ‘එය නෝෆෝක්’ පොලිසීයේ කාර්යභාරයක් යැයි පිලිප් කුමරුන්ගේ ප්‍රකාශකයෙක් කීය.
රොයිටර් ඇසුරිනි
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෙහෙම බලවත් උදවියට අනතුරු ඇඟවීම් තියෙනවද?
මොනවද මේ කියන්නෙ? අපේ රටේ එහෙම කලොත් වෙන දේ මෙතන කියන්න බෑ..! කිව්වොත් කියන එක්කෙනාටත් වෙනදේ හිතාගන්න පුළුවන් නේ.
අපේ රටේත් එහෙම අනතුරු අඟවන්න බැරිකමක් නැහැ. ඒත් එහෙම කරන්න තරම් කොන්ද පණ තියන අය නැහැ...