IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පෝලන්තයේ හිටපු අගමැතිවරයෙක් මිය යයි

පෝලන්ත හිටපු අගමැති ජේන් ඔල්සෙව්ස්කි මහතා වර්සාව් ආරක්ෂක රෝහලේදී  මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

88 වියේ පසුවූ ඔහු කොමියුනිට්ස්වාදය බිඳ වැටීමෙන් පසු බලයට පත් තුන්වන අගමැති වේ. 

මොහු 1989 වර්ෂයේ  සහ 1991 සිට 1992 ජූනි දක්වා මාස හයක කාලයක් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. 

පෝලන්තයේ දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන ජාතික කොන්සවේටිව් ව්‍යාපාරයට මූලික වී කටයුතු කර ඇත. 

එතුමා නීතිඥවරයෙක් ලෙසද කටයුතු කර ඇති අතර කොමියුනිස්ට් යුගයේ දී ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධීන් නියෝජනය කළේය.

ඔහු හිටපු  ජනාධිපති ලෙච් කසුන්ස්කි මහතාගේ උපදේශකයෙක් ලෙසද කටයුතු කර ඇත. 


දවස් කීපයකට පෙර නිවසේදී  ඔල්සෙව්ස්කි මහතා ක්ලාන්තයක් සෑදී රෝහල් ගතකර බවත්, එහිදී ඔහු මිය ගිය බවත්  බිරි ඳ පවසා ඇත. 


(රොයිටර් ඇසුරෙනි)

(63226)



අදහස් (0)

පෝලන්තයේ හිටපු අගමැතිවරයෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site