පෝලන්තයේ ටෙට්රා කඳුවැටියේ ගුහාවක සිරවුණු  පුද්ගලයන් දෙදෙනකු ඉවතට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා ඇතුවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පටු ගුහා විවරය අවහිර වී ඔවුන් දෙදෙනාට පිටතට ඒමට නොහැකි වූ අතර ඔවුන් සමග ගිය අනෙක් අය සිදුකල දැනුම්දීම මත මුදවාගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරිණි.

මුදවාගැනීමේ කණ්ඩායම් තුනක් මේ වනවිට අදාළ ස්ථානයට යවා ඇති බවත් ගංවතුර තත්ත්වය හේතුවෙන් මුදවාගැනීමේ මෙහෙයුම අසීරු වී ඇති බවත් බලධාරීහු පවසති.

ගුහා විවරයේ පිපිරීමක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද ඔවහු පවසති. ගුහාව තුළ සිරවී සිටින දෙදෙනා සමඟ සබඳතා ගොඩනගාගැනීමට ද නොහැකි වී ඇති අතර මෙහෙයුම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ද සඳහන් වේ.

ටෙට්රා කඳුවැටියේ දිගින් වැඩිම ගුහාව ලෙස සැලකෙන වියෙල්කා ස්නියෙන්සා ගුහාවේ මොවුන් සිරවී සිටිති.

(බීබීසී ඇසුරිණි - 085)