IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පෝලන්ත වැසියන්ට අපහාස කරන්න එපා

පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත.

පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මෙසේ දොස් නගා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් යුක්රේන ජනාපධිතිවරයා කළ කතාව මුල්කොට ගනිමිනි.

ප්‍රබල ‘නේටෝ’ සාමාජිකයකු වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියාය. 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී යුක්රේන වැසියන් එරටින් පලා ගියේ පෝලන්තයටය. පෝලන්ත රජය එසේ පැමිණි සියලු යුක්රේන වැසියන්ට පිහිට විය.

රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට ආයුධ ලබා දීම කළේ ද පෝලන්තයයි. ඒ, ඉක්මනින්, යුද්ධය අවසන් කිරීම සඳහාය කෙසේ නමුත් ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හෝ රජය හෝ උනන්දුවක් නොදක්වන බව පෝලන්තයේ අදහසය.

මේ අතර, තම ගොවීන් ආරක්ෂා කර ගනිමින්, තම ධාන්‍ය වෙළෙඳපොළ රැක ගැනීමේ අරමුණින්, පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව, යුක්රේනයෙන් ආනයනය කරන ධාන්‍ය සඳහා තහනමක් පනවා තිබේ. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට එරට ධාන්‍ය නැව් මගින් කළු මුහුද හරහා අපනයනය ගැටලුවක් වී ඇත. එහෙයින් ඔවුන් ධාන්‍ය යැවීම කළේ පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව ආදී යුරෝපා රටවලටය.

පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව, යුක්රේනයෙන් ආනයනය කරන ධාන්‍ය සඳහා තහනමක් පැනවීම යුක්රේනයට ගැටලුවක් වූ අතර පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, යුක්රේන ජනාධිපති පෝලන්තය සමච්චලයට ලක් කළේය. පෝලන්ත අග්‍රාමාත්‍යවරයාගේ කෝපයට මෙය හේතුවක් විය.

මේ වනවිට කඩිනමින් යුද්ධය අවසන් කීරීමට යුක්රේන රජය අපොහොසත් වූ බව පෙන්වා දෙමින්, යුක්රේනයට ආයුධ ලබා දීම ද පෝලන්තය තහනම් කර ඇත.



අදහස් (0)

පෝලන්ත වැසියන්ට අපහාස කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site