පෝලන්ත කාන්තාවන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබාදීමට එරට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කරයි. හමුදා කඳවුරු 30කදී මාස හයක කාලයක් මෙම පුහුණුව පැවැත්වෙයි. නිරායුධ සටන් පුහුණුවක්ද ලබා දෙයි.
පෝලන්තයේ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් වයස අවුරුදු 18ට වැඩි සියලුම කාන්තාවන්ට මේ සඳහා සහභාගී විය හැකි බවත් ආරක්ෂක බලධාරීහු කියති. මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා පැවැත්වෙන බව එරට ආරක්ෂක අමාත්‍ය අන්තෝනි මැසියර්වික්ස් පැවසීය.
සිවිල් වැසියන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබා දීම රජයේ හමුදා වල වගකීමක් නොවන බවත් මෙම වැඩසටහන ප්‍රසිද්ධිය ලබා ගැනීමට පමණක් ක්‍රියාත්මක වන බවත් සමහරු චෝදනා කරති.ආත්මාරක්ෂක පුහුණුව ලබා දිය යුත්තේ පොලිසිය මිසක් හමුදාව නොවන බවත් ඔවුහු කියති.
(ඡායාරූප-පෝලන්ත ආරක්ෂක අමාත්‍යංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතාව තමා ,මේ රටවල් වලට සරණාගත වේශයෙන් ආපු මැද පෙරදිග කට්ටියගෙන් යුරෝපිය කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන වලට කාන්තාවන්ව සුදානම් කිරීම! (බ)
කොහෙත් එකයි බැලුවම. මොකක්හරි ආරම්භ කරන්න හැදුවොත් විවේචනනම් අඩුවක් නැතුව ලැබෙනවා.නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා හිතන්න පුරුදුවෙලා නැහැ මොකෙක්වත්. (බ)