පලතුරු සහ එළවළු කොටස් දෙකහමාරක් දිනකට කටවසා සපමින් අනුභව කිරිමෙන් ආඝාතය වැළදීමේ  අවදානම සුවිශේෂි ලෙස පහළයන බව නවතම පර්යේෂනයක් මගින් පෙන්වා දී ඇත.

පලතුරු ග්රෑම් 200 ක් සෑම දිනකම පරිභෝජනයට ගැනීවෙන් ආඝාතය වැළදීමට ඇති අවදානම සියයට 32 කින් අඩුවන බවත් කෑමට ගන්නා සෑම එලවළු ග්රෑම් 200 කින් එම තත්වය සියයට 11 කින් අඩුවන බවත් මෙම අධ්‍යනය මගින් සොයාගෙන ඇත.

මෙම තීරණයට පැමිණ ඇත්තේ පළතුරු සහ එලවළු පරිභෝජනය මගින් ආඝාතයට වන බලපෑම  පිලිබඳ වසර 19 ක් තිස්සේ කරණ ලද අධ්‍යනයන්ගේ ප්‍රසිද්ධ කරන ලද  තොරතුරු විශ්ලේෂණ කිරීමෙන් පසුවය.

 

මෙම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත්තේ පලතුරු සහ එළවළු වැඩි වශයෙන් අනුභවය මගින් රුධිර පීඩනය අඩුවන බවයි. අධි රුධිර පීඩනය ආඝාත තත්වයට ඉවහල්වන ප්‍රධාන සාධකයකි.

ශරීර ස්කන්ධ දර්ශකය, ඉඟටියේ වට ප්‍රමාණය, කොලෙස්ටරෝල් සහ ප්‍රදාහයට ආහාර වලින් විශාල දායකත්වයක් දක්වන බව මෙම අධ්‍යනය මගින්  කියා ඇත.

ආහාරයට පලතුරු සහ එලවළු වැඩි වශයෙන් එක්කර ගැනීම නිසා ස්ත්‍රීනට සහ පුරුෂ යන දෙපක්ෂයට ප්‍රතිලාබ ලැබේ.
 

පර්යේෂකයන් ඇමරිකාව විසින් කරන ලද  අධ්‍යනයන් හයක ප්‍රතිපලද, යුරෝපයේ කරන ලද අධ්‍යනයන් අටකද,  සහ චීනයේ සහ ජපානයේ හයකද ප්‍රතිපල ඒකාබද්ධ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අඩු පලතුරු ප්‍රමාණයක් හා එලවළු ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ පහළ සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ඇති රටවල් වල බවයි.

එංගලන්තයේ වසරකට 150000 කට වඩා  ආඝාතයෙන් පෙළෙන අතර එහි මරණවලට තුන්වන හේතුව එයයි. අනෙක් හේතු දෙක හෘදයාබාධ සහ පිළිකා වෙති.

එංගලන්තයේ වැඩිහිටියන් ආබාධිත තත්වයට පත්වන ප්‍රධානම ක්‍රමය ආඝාතය වැළදීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලෝකය තුල සෑම දිනකම එක් අයෙක්  ආහාර සහ පලතුරු ග්රෑම් 600 ක් පරිභෝජනය කරයි නම් එමගින් ආඝාත තත්වය සියයට 19 කින් අඩුකල ගත හැකි බවයි.

චීනයේ මරණ වලට ප්‍රධාන හේතුව ආඝාත තත්වයයි. එහි මිලියන 1.7 ක් 2010 දී ආඝාතය හේතුවෙන් මියගොස් ඇත. ඇමරිකාවේ මරණ වලට 4 වන හේතුව මෙයවේ. එහි ආබාධිත තත්වයට හේතුවන ප්‍රධානම හේතුව මෙයවේ.