ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින හජීවා නගරයෙන් පළා යමින් සිටි සිවිල් වැසියන් කණ්ඩායමකට බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් 17දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවුල් කිහිපයක පිරිසක් ලොරියකින් කර්කුක් නගරය වෙත ගමන් කරමින් සිටි අතර ඔවුන්ට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව පොළීසිය පවසයි. සිද්ධියෙන් එක් පොලිස් නිළධාරියෙක් ද මිය ගොස් ඇත.
මේ අතර ඉරාක රජයේ හමුදා අයිඑස් සංවිධානය යටතේ පවතින අවසන් නගරය වන මොසුල් අත්පත් කර ගැනීමේ අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd