IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්ලේ බෝයි සඟරාව නිරුවත වසා ගනියි

ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි.

ප්ලේ බෝයි සඟරාවේ පුරෝගාමී කර්තෘ හියු හෙෆ්නර් (89) නිරුවත් ඡායාරූප පළ කිරීමේ රටාව ඇති කළේය. ගැහැණුන්ගේ නග්න ඡායාරූප පළ කිරීම නතර කිරීමට එහි ප්‍රධාන කර්තෘ කෝරි ජෝන්ස් ගිය මාසයේ කළ යෝජනාවට හෙෆ්නර්ද එකඟත්වය පළ කළ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රය කියයි.

ජෝන්ස් පවසනුයේ අද හැම යෞවනයකුම ජංගම දුරකථනයෙන් හා වෙබ් අඩවියෙන් අන්තර්ජාලයට සම්බන්ධවී ඇති නිසාත් අන්තර්ජාලයේ නිමක් නැතිව අසභ්‍ය ඡායාරූප ඇති නිසා ප්ලේ බෝයි සඟරාව අමුතුවෙන් එම ඡායාරූප පළ කිරීමේ තේරුමක් නැති බවයි.

එහෙත් ගැහැණුන්ගේ කාමුක ඡායාරූප පළ කිරීම නොනවත්වන බවද කතුවරු කියති.

දැන් පරිගණකයට පිවිසුණු සැණින් අසභ්‍ය ඡායාරූප නොමිලේ බැලීමේ අවස්ථාව උදාවී ඇතැයිද සඟරාව කියයි.

1953 දී ප්ලේ බෝයි සඟරාවේ මුල් පිටුව මැර්ලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූපයකින් සරසා තිබිණි.

1975 දී ලක්ෂ 56 ක්වූ ප්ලේ බෝයි අලෙවිය අට ලක්ෂය දක්වා පහළ වැටී ඇතැයි කියති. සඟරාව නග්න රූපවලින් සරසතියිද ගැහැණුන් ලිංගික උපකරණ සේ සලකතියිද දිගට හරහට පහර එල්ලවිය.

ප්ලේ බෝයි සඟරාවේ නග්න ඡායාරූප පළ කළ සමයේත් එහි හොඳ විශේෂාංග පළවූ බවද නිව්යෝක් ටයිම්ස් පත්‍රය පවසයි.



අදහස් (0)

ප්ලේ බෝයි සඟරාව නිරුවත වසා ගනියි

ජෙරමි Sunday, 18 October 2015 10:46 AM

සුලෝචන වතුර පෙවෙන්න ගියාද නැත්නම් වතුර.......ද? (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 14 October 2015 01:47 PM

කාලයක් යද්දී ඕනෑම ව්‍යාපාරයක් කඩාවැටෙනවා. ඒක ලෝක ස්වභාවය. තව කලක් යද්දී මොන මොනවා අලුතෙන් ඇවිල්ලා පරිගණක සහ අන්තර්ජාලයත් කුණු කූඩේට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සොපි Saturday, 17 October 2015 03:36 AM

සතුන් අතරින් කැතම සතා මිනිසායි, ඒකනේ ඇඳුම් අඳින්නේ.... (ර)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 14 October 2015 05:15 PM

නරක හිතකින් බැලුවොත් ඕනෑම දෙයක් නරක විදියට පෙනෙන මේ සමාජයට මෙවැනි කලාත්මක උසස් තත්වයේ සඟරාවක් නැතිවයාම දරාගන්න බැරි පාඩුවක් වෙනවා නොඅනුමානයි.ලෝක පුජිත නිව්යෝක් ටයිම්ස් පත්‍රය පළකළ අදහස අප අගය කළයුතු වෙනවා. (නි)

:       0       0

චතුර Wednesday, 14 October 2015 06:03 PM

මට මෙහෙම හිතෙනවා. අවුරුදු 20 -30 ට පෙර මිනිස්සු මේවා බැලුවේ හැංගිලා. අද මේවා හරිම සුලබයි. තව අවුරුදු 20 ක් යද්දී මිනිසුන්ට මේවා බලලාත් එපාවෙයි. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 14 October 2015 08:28 AM

මෙම ප්ලේ බෝයි සඟරාව ලංකාවේ හොරෙන් වැඩි මිලට විකිනෙනන එකක්, මේවා තරුණයන් වාගේම මහලු අයද රස විඳිනා සඟරාවක්. (ර)

:       0       0

නුවන් - නෙව්යෝර්ක් Wednesday, 14 October 2015 08:52 AM

මේකට හේතුව නිරුවත් ජායාරූප අද අන්තර්ජාලයේ සුලභ නිසා ඉස්සර ඒවා බලනන්නම මිනිස්සු ප්ලේබෝයි සගරාව මිලදීගත්තද අද ඒ වෙලදපොල අහිමිවීම. නිරුවත් පිරිමි හෝ කාන්තා ශරීර යනු විදිය යුතු දේවල් මිස පිලිකුල් කලයුතු දේ නෙමේ. (ර)

:       0       0

විජිත් Wednesday, 14 October 2015 09:17 AM

අපේ රටේ විවුර්ත ආර්ථිකය පටන්ගන්නටත් පෙර සිටම ඔය සඟරාව ( පවිච්චිකරපු ඒවා ) ඕල්කොට් මාවතේ පදික වෙළෙන්දන් රහසිගතව විකුණුවා.රුපියල් 10 න් පටන්ගෙන කේවල් කරලා කරලා අන්තිමට රුපියල් 5 කට ගතහැකිව තිබුනා.නමුත් ඒ කාලයේ රුපියල් 5ක් කියන්නේ...මගේ අම්මෝ සැහෙන මුදලක්.පාන් රාත්තලක් ශත 30යි සිනි රාත්තලක් ශත 28 යි ප්ලේන්ටියක් ශත 05 යි සිනි බනිස් එකක් ශත 06 යි ...ඉතින් කවුද රුපියල් 5 ක් මේකක් ගන්න වියදම් කරන්නේ.නමුත් ආපසු හැරිලා බලද්දී ඒ කාලයේ සොඳුරු සුවඳ හැමදාමත් මගේ හිතේ රැඳිලා තියෙනවා. (අ)

:       0       0

රිචි බාලසුරිය Friday, 16 October 2015 08:50 PM

මම තවමත් මෙම පොත බලනවා (නි)

:       0       0

රන්ජිත් Friday, 16 October 2015 06:09 AM

දැන් ප්ලේ බෝයි සගරාව ඕන නෑ පාරට බැස්සම ජීවමාන පින්තුර බලාගන්න පුළුවන් නොමිලේම (බ)

:       0       0

සුලෝචන Friday, 16 October 2015 06:27 AM

මට මේ සඟරාවේ නිරුවතින් නාන තරුණියකගේ ෆොටෝ එකක් දැකලා වතුරත් පෙවෙන්න ගියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site