ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි.
ප්ලේ බෝයි සඟරාවේ පුරෝගාමී කර්තෘ හියු හෙෆ්නර් (89) නිරුවත් ඡායාරූප පළ කිරීමේ රටාව ඇති කළේය. ගැහැණුන්ගේ නග්න ඡායාරූප පළ කිරීම නතර කිරීමට එහි ප්‍රධාන කර්තෘ කෝරි ජෝන්ස් ගිය මාසයේ කළ යෝජනාවට හෙෆ්නර්ද එකඟත්වය පළ කළ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රය කියයි.
ජෝන්ස් පවසනුයේ අද හැම යෞවනයකුම ජංගම දුරකථනයෙන් හා වෙබ් අඩවියෙන් අන්තර්ජාලයට සම්බන්ධවී ඇති නිසාත් අන්තර්ජාලයේ නිමක් නැතිව අසභ්‍ය ඡායාරූප ඇති නිසා ප්ලේ බෝයි සඟරාව අමුතුවෙන් එම ඡායාරූප පළ කිරීමේ තේරුමක් නැති බවයි.
එහෙත් ගැහැණුන්ගේ කාමුක ඡායාරූප පළ කිරීම නොනවත්වන බවද කතුවරු කියති.
දැන් පරිගණකයට පිවිසුණු සැණින් අසභ්‍ය ඡායාරූප නොමිලේ බැලීමේ අවස්ථාව උදාවී ඇතැයිද සඟරාව කියයි.
1953 දී ප්ලේ බෝයි සඟරාවේ මුල් පිටුව මැර්ලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූපයකින් සරසා තිබිණි.
1975 දී ලක්ෂ 56 ක්වූ ප්ලේ බෝයි අලෙවිය අට ලක්ෂය දක්වා පහළ වැටී ඇතැයි කියති. සඟරාව නග්න රූපවලින් සරසතියිද ගැහැණුන් ලිංගික උපකරණ සේ සලකතියිද දිගට හරහට පහර එල්ලවිය.
ප්ලේ බෝයි සඟරාවේ නග්න ඡායාරූප පළ කළ සමයේත් එහි හොඳ විශේෂාංග පළවූ බවද නිව්යෝක් ටයිම්ස් පත්‍රය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලෝචන වතුර පෙවෙන්න ගියාද නැත්නම් වතුර.......ද? (බ)
කාලයක් යද්දී ඕනෑම ව්‍යාපාරයක් කඩාවැටෙනවා. ඒක ලෝක ස්වභාවය. තව කලක් යද්දී මොන මොනවා අලුතෙන් ඇවිල්ලා පරිගණක සහ අන්තර්ජාලයත් කුණු කූඩේට යයිද දන්නෙ නැහැ (නි)
සතුන් අතරින් කැතම සතා මිනිසායි, ඒකනේ ඇඳුම් අඳින්නේ.... (ර)
නරක හිතකින් බැලුවොත් ඕනෑම දෙයක් නරක විදියට පෙනෙන මේ සමාජයට මෙවැනි කලාත්මක උසස් තත්වයේ සඟරාවක් නැතිවයාම දරාගන්න බැරි පාඩුවක් වෙනවා නොඅනුමානයි.ලෝක පුජිත නිව්යෝක් ටයිම්ස් පත්‍රය පළකළ අදහස අප අගය කළයුතු වෙනවා. (නි)
මට මෙහෙම හිතෙනවා. අවුරුදු 20 -30 ට පෙර මිනිස්සු මේවා බැලුවේ හැංගිලා. අද මේවා හරිම සුලබයි. තව අවුරුදු 20 ක් යද්දී මිනිසුන්ට මේවා බලලාත් එපාවෙයි. (නි)
මෙම ප්ලේ බෝයි සඟරාව ලංකාවේ හොරෙන් වැඩි මිලට විකිනෙනන එකක්, මේවා තරුණයන් වාගේම මහලු අයද රස විඳිනා සඟරාවක්. (ර)
මේකට හේතුව නිරුවත් ජායාරූප අද අන්තර්ජාලයේ සුලභ නිසා ඉස්සර ඒවා බලනන්නම මිනිස්සු ප්ලේබෝයි සගරාව මිලදීගත්තද අද ඒ වෙලදපොල අහිමිවීම. නිරුවත් පිරිමි හෝ කාන්තා ශරීර යනු විදිය යුතු දේවල් මිස පිලිකුල් කලයුතු දේ නෙමේ. (ර)
අපේ රටේ විවුර්ත ආර්ථිකය පටන්ගන්නටත් පෙර සිටම ඔය සඟරාව ( පවිච්චිකරපු ඒවා ) ඕල්කොට් මාවතේ පදික වෙළෙන්දන් රහසිගතව විකුණුවා.රුපියල් 10 න් පටන්ගෙන කේවල් කරලා කරලා අන්තිමට රුපියල් 5 කට ගතහැකිව තිබුනා.නමුත් ඒ කාලයේ රුපියල් 5ක් කියන්නේ...මගේ අම්මෝ සැහෙන මුදලක්.පාන් රාත්තලක් ශත 30යි සිනි රාත්තලක් ශත 28 යි ප්ලේන්ටියක් ශත 05 යි සිනි බනිස් එකක් ශත 06 යි ...ඉතින් කවුද රුපියල් 5 ක් මේකක් ගන්න වියදම් කරන්නේ.නමුත් ආපසු හැරිලා බලද්දී ඒ කාලයේ සොඳුරු සුවඳ හැමදාමත් මගේ හිතේ රැඳිලා තියෙනවා. (අ)
මම තවමත් මෙම පොත බලනවා (නි)
දැන් ප්ලේ බෝයි සගරාව ඕන නෑ පාරට බැස්සම ජීවමාන පින්තුර බලාගන්න පුළුවන් නොමිලේම (බ)
මට මේ සඟරාවේ නිරුවතින් නාන තරුණියකගේ ෆොටෝ එකක් දැකලා වතුරත් පෙවෙන්න ගියා (නි)