වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම පැය ගණනක ප්‍රතිඵලයකට සීමා කරමින් ලොව ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට යැවූ ‘‘පිලේ‘‘ අභ්‍යාවකාශ නිරීක්ෂක යානය ක්‍රියාවිරහිතව ගියේය.
පෘථීවිය ආසන්නයට වසර 45 කට වරක් පැමිණෙන බව පැවසෙන චුරිමොව් ගැරසිමෙන්කෝ උල්කාපාතය මතට පෘථීවියේ සිට සැතපුම් ලක්ෂ 3150 ක දුරකදී රොසෙටා නම් වූ තම මව්යානයේ සිට පිලේ ගොඩබැස්සේ පසුගියදාය.මෙම අභ්‍යාවකාශ මෙහෙයුමේ මෙහෙයුම් කටයුතු සිදුවූයේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය යටතේය.
චුරිමොව් උල්කාපාතය මතට ගොඩැබැසීමට රොසෙටාට සවිවූ පිලේ අභ්‍යාවකාශ ගතවූයේ 2004 වසරේ මාර්තු මාසයේදීය.ඒ අනුව චුරිමොව් වෙත ළගාවීමට රොසෙටා හා පිලේ අභ්‍යාවකාශයේ ගත කර තිබෙන කාලය වසර 10 කට අධිකය.
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වී තිබුණේ පිලේ ආධාරයෙන් පැය කිහිපයක් නොව මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් හෝ මුලූල්ලේ චුරිමොව් උල්කාපාතයේ තොරතුරු ලබාගැනීමයි.වසර 10 ක් බලා සිටි ඔවුන්ගේ අපේක්ෂාවන් අවසානයේ මල්ඵල ගැන්වෙන ලකුණු රොසෙටා යානය පසුගිය අගෝස්තු මස උල්කාපාතය වටා කක්ෂ ගතවීමත් සමග පෙනෙන්නට තිබුණද පිලේ උල්කාපාතය මතට ගොඩබැසීමේදී ඇතිවූ දෝශ රාශියක් නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් බොද වී ගියේය.
පිලේ ගේ ගොඩබැසුම් පද්දතියේ ඇතිවූ දෝශයක් නිසාවෙන් එය නියමිත පරිදි උල්කාපාතය මතට ගොඩනොබැසි අතර දෙවරක්ම යළියළිත් ඉහළට පොලා පැනි එය නතර වූයේ ආවාටයකය.
මෙනිසා එහි වූ සූර්ය පැනල වලට සූර්යාලෝකය පතිත වීමට බාධා පැමිණුනි.එයි ප්‍රතිඵලය වූයේ පිලේගේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වූ විදුලි කෝෂ ආරෝපණය කරවා ගත නොහැකිව ඒවා සීඝ්‍රයෙන් ක්ෂය වී යෑමට පටන් ගැනීමයි.
මෙවිට පිලේ නැවත නැගිටුවීමට උත්සාහ කරමින් සිටි විද්‍යාඥයෝ ඒම උත්සාහයන් අත්හැර දමා තිබුණහ.පිලේ ජීවතුන් අතර සිටියදී ලබාගත හැකි දත්ත උපරිම ප්‍රමාණයක් ලබාගැනීමට ඔවුන් කටයුතු කළහ.
ගොඩබැස හරියටම පැය 57 ක් ගතවෙද්දී පිලේගෙන් තොරතුරු ලැබීම නතර වුනි.පිලේ ඇතැම් විට සදා නොනැගිටින නින්දකට පත්ව ඇති බව විද්‍යාඥයෝ එවිට වටහා ගත්හ.
කෙසේ වෙතත් පිලේ ගේ මෙහෙයුම අභ්‍යාවකාශ ගවේෂණයේ මංසළකුණකි.එය ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට ගොඩබැසි අභ්‍යාවකාශ යානයයි.
යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පවසන පරිදි පිලේගෙන් ඉතාම වැදගත් හා මේ දක්වා කිසිවෙකුත් අපේක්ෂා නොකළ තොරතුරු රාශියක් ලැබී තිබේ.එම තොරතුරු වැඩිදුරටත් විමර්ෂණය කිරීමෙන් විශ්වයේ තවත් රහස් අනාවරණය කරගත හැකිවනු ඇතැයි ඔවුන් කියයි.
උල්කාපාතය එහි ගමන් මගට අනුව සූර්යයා ආසන්නයෙන් ගමන් කරන සමයේදී පිලේට නැවත වරක් ජීවය ලැබීමට අවස්ථාවක් තිබෙන බවටද විද්‍යාඥයින් අදහස් දක්වයි.
පිලේ තවදුරටත් ක්‍රියාකාරීවූවානම් මීට වඩා විශ්වාසයෙන් අදහස් පළ කර හැකිව තිබුණියැයි ඔවුන් පිළිගන්නේ මද ශෝකයක් ඇතිවය.නමුත් දැනට ලැබී ඇති තොරතුරු වලින් නව සොයාගැනීම් ඉදිරිපත් කරන්නට ඔවුහු අදිටන් කරගෙන සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ හරිම කනගාටු දායකයි. මොනවා කරන්නද ලැබිච්ච දත්ත ටිකෙන් වත් සැනසෙමු. මේක තමයි යථාර්තය. (ර)