ප්‍රංශයට පලා ගිය මැඩගස්කරයේ හිටපු ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත ජනාධිපතිවරයාට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙනවිත් තිබෙන බව ද වාර්තා වේ. තරුණ විරෝධතා උත්සන්න වීමත් සමඟ මේ වනවිට මැඩගස්කරයේ හමුදාව එරට බලය අත්පත්කරගෙන ඇත.