
තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, රටින් පලා ගිය ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගන් වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සමාව ඉල්ලුවේ ට්විටර් පණිවුඩයක් ලෙස විශේෂ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරමිනි.
ඇෆ්ගන් ජනතාව අමාරුවේ දමා රටින් පලා යෑම සම්බන්ධයෙන් හෙතෙම කනගාටුව ද පළ කළේය. තලේබාන්වරුන් කාබුල් අගනුවර බලය තහවුරු කර ගනිද්දී තමන් රටින් පලා නොගියා නම්, ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ තිබුණු බවත්, තමන් පලා ගිය බැවින්, සාමකාමී ලෙස බලය හුවමාරු වීමක් සිදුවුණු බවත් ජනාධිපති ඝානී වැඩිදුරටත් සිය ප්‍රකාශය හරහා පැහැදිලි කර තිබේ.
ඇෆ්ගන් භාණ්ඩාගාරයෙන් මිලියන ගණනින් මුදල් සොරකම් කරගෙන ඒවා රැගෙන ගියේ යැයි ජනාධිපති ඝානීට චෝදනා එල්ල වී ඇති අතර ජනාධිපතිවරයා තරයේ පවසා ඇත්තේ තමන් එවැන්නක් සිදු නොකළ බවය.
පසුගිය 15 වැනිදා තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, තමන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම තම ජීවිතේ ගත් අසීරුතම තීරණය බවත්, තමන් එසේ පිටවී ගිය නිසා කාබුල් අගනුවර මිලියන 6 ක ජනතාවට අනතුරක් සිදු නොවුණු බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව විශ්වාස කරපු කරපු හැම කෙනෙකුටම මේ ඉරණම තමයි .උදාහරණ -ඉරාන් ෂා,සදාම් හුසේන්,මුබාරක්,අෂ්රෆ් සහනිතාත් .අපේ ගොන් වහන්සේලාටත් ඔය ටිකම තමයි