
රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් රඟහලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ටජිකිස්තානය පියවර ගෙන ඇත.
පසුගිය 22 වැනිදා ක්‍රෝකස් රඟහලට පහර දී පලා යමින් සිටිද්දී අල්ලා ගත් සැකකරුවන් සිවුදෙනා අයි.එස්. සාමාජිකයන් වන අතර ඔවුන් ද ටජිකිස්තානුවන්ය.
ටජිකිස්තානය යනු රුසියාවට ආසන්නයේ ඇති රටකි. ටජිකිස්තානයත් රුසියාවත් අතරේ යහපත් සබඳතා පවතී. ටජිකිස්තාන ආරක්ෂක අංශ පැවැසුවේ, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරය සැලැසුම් කළ 9 දෙනකු තම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවය. මොවුන් ද අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd