ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් ඉදිකිරීමේ ආයතනයක  ආරක්ෂක නිලධාරීන් ඇතුළු 16 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. 
 

මෙම ප්‍රහාරය ආරම්භ වී ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය රුගෙන යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් පසුවය. 
 
පාකිස්ථාන දේශසීමාවේ පිහිටා ඇති ප්‍රදේශයකදී මෙම සිදුවීම සිදුවී ඇති අතර  මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙක් ලබාගෙන නැත.
 
 සමාගමේ සේවකයින් හතර දෙනෙකු රෝහලට ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
 
 2015 වර්ශයේ සිට ඇෆ්ගනිස්ථානය වඩාත්ම භයානක සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක්වේ. 
 
63226
රොයිටර් ඇසුරෙනි