
ඉන්දු කාශ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ආරක්ෂක අංශවලට පූර්ණ බලතල ලබා දී ඇත.
ඒ අනුව, ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ප්‍රාහර එල්ල කළ යුතු ආකාරය සම්බන්ධයේ තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම ඉන්දීය හමුදා මැදිහත් වීමෙන් සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය විශේෂ ජාතික ආරක්ෂක කවුන්සිලය නවදිල්ලි අගනුවරදී රැස්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා මේ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අවසර දුන් බව ද පැවැසෙයි.
මෙම ආරක්ෂක කවුන්සිල හමුවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද එක් වී සිටියේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd