IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පරිසරය උගන්වන්න කන්දක් කුලියට

සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම කුඩා දියණිය සොබා දහම ගැන ‘අයනු‘, ‘ආයනු‘වත් නොදන්නා බව දුටු චීන ජාතික මවක් දුවණිය  පරිසරයට සමීප කිරීමේ අරමුණ ඇතිව ඇය වෙනුවෙන් සම්පූර්ණ කඳු ගැටයක්ම කුලියට ගෙන ඇත්තීය.

මෙම කඳු ගැටයේ හෙක්ටයාර 1.3 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ගොවිපලක්ද ඇත.

ප්‍රදේශයේ නගර සභාවට කුලී ගෙවා ඇති මව ගොවිපලත් සමගම මුලූ කදු ගැටයම  

සෑම දිනකම තම දියණිය කඳුගැටය නැරඹීම සදහා කැටුව යන මේ මව ඇයව ගොවිපොළේ වැඩකටයුතු සදහාද යොදවන්නීය.

‘මේක තමයි හොදම විදිය මගේ දුවව පරිසරයට සමීප කරවන්න.ඇයත් මා සමග එන්නේ සතුටින්‘ ඇය කියන්නීය.

‘පන්ති කාමරයක සිටියායැයි කියලා සැබෑ අත්දැකීම් ලැඛෙන්නේ නැහැනේ.සැබෑ අත්දැකීම් ලබා ගන්න පන්තියෙන් එළියට එන්න ඕනේ.සමහරු මගෙන් අහනවා ඇයි ඉතින් කන්දක්ම  ගත්තේ කියලා.ඉතින් පරිසරය පිරිසිදුයි, ආරක්ෂා සහිතයි, හරිම ලස්සනයි. අනෙක මට ඒකට ගෙවන්න පුළුවන්නම් ඇයි අඩු දෙයකට යන්නේ‘ ඇය පවසන්නීය.



අදහස් (0)

පරිසරය උගන්වන්න කන්දක් කුලියට

තුෂාරිකා Thursday, 08 May 2014 11:46 AM

වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවො. මෙවැනි ක්‍රියා අපේ රටේ දෙමාපියනුත් ආදර්ශයට ගතයුතුයි. එවිට අපේ අනාගත පරපුර දයාව කරුණාවෙන් පෝෂණය වේවි. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 04:00 PM

අපි කවුරුත් ස්වභාව ධර්මයාට ආදරය කළ යුතුයි.මන්ද ස්වභාව ධර්මයා විසින් අපව ආරක්ෂා කරන බැවින්. (ස)

:       0       0

අසෝකා Wednesday, 07 May 2014 04:13 PM

ඉන්දික,උපාලි, ඔයගොල්ලෝ ලංකාවේ අය ගැන ඇත්තටම පැහැදිලි වැටහීමක් නැද්ද? අපේ කොළඹ සහ අවට වාසය කරන අයගෙන් සියට 99ක්ම හීනමානය කියන රෝගය තියෙන්නේ! දැන් එක ටික ටික ගම් වලටත් ගිහින්.සිංහල දෙන්නෙක් එකතු උනොත් ඉංග්‍රීසියෙන් කතාව. එහෙමත් නැත්නම් සියට 85ක්ම ඉංග්‍රීසි වචන. ඉතින් ගහකොළ පරිසරය ළමයින්ට උගන්වනවා කියන්නේ මෝඩ ගොඩේ බයියලගේ වැඩක් කියල ඒ ගොල්ලෝ හිතන්නේ. රටේ මිනිසුන්ටවත් ඒ රටේ භාශාවවත් බැරිකොට රටක් දියුණු වෙනවා කියන්නේ විහිළුවක්! (දී)

:       0       0

දිනලි Wednesday, 07 May 2014 04:24 PM

ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

නීලා Thursday, 08 May 2014 02:57 AM

අපේ සංස්කෘතියෙන් හයිකින්, කැම්පේන්, නේචර් වොර්ක්,(සිංහල වචන නොමැත), පිහිනීම් අවගේ දේවල් නෑ.අපට ස්වභාව ධර්මෙන් මේ හැම දේම දීල තිබුනත් මිනිස්සු කම්මැලියි.රට වටේම මුහුද,රට හැමතැනම ගඟ ඇලදොළ.එත් කීදෙනාටද පිහිනන්ට පුළුවන්. කවුද කඳු නගින්ට කැමති, කැම්පේන් වලට කැමති.මේවා වෙනස් විය යුතුයි... (ස)

:       0       0

සම Wednesday, 07 May 2014 05:40 PM

අසෝකා,ප්‍රතිශතය නම් වැරදි වගේ හිතෙනවා. ඒත් අගයක් තියෙන කතාවක් මට කාලෙකින් ඇහුනා. අද නගරයට වැඩිය ගමට වැරදිලා කියලා මට නිතරම හිතෙනවා.මමත් හොඳ ගමේ කොල්ලෙක්, ඉස්සර සරම කැහැපොට කවාගෙන ගිය...දැන් නම් ඉන්නේ නුවර (නි)

:       0       0

තිලා Thursday, 08 May 2014 08:01 AM

නීලා.. සිංහල වචන නොමැත? ඇත්තට? ඔයත් අර අසෝකා කිව්වා වගේ හීනමානය කියන රෝගය තියන කෙනෙක් ද? බොරුව තමා ගොඩක් ලංකාවේ තියෙන්නේ. ඔයා ශිෂ්‍යත්ව පන්තියකට වැස්සකටවත් ගියානම්.. හයිකින්, කැම්පේන්.. නෙවෙයි කෑම්පින්, නේචර් වොර්ක්.. මේවට සිංහල වචන පිලිවෙලින් පයින් ඇවිදීම හෝ කදූ නැගීම, කදවුරු බැදීම, සොබාදහමේ ඇවිදීම හෙවත් පයින් යාම කියල උගන්වයි.(නදී)

:       0       0

උපාලි Thursday, 08 May 2014 08:10 AM

අසෝකා, ප්‍රතිශතය කුමක් උවත් ඔබ කියන දෙය තමයි දැන් වෙලා තියෙන්නේ. ආයුබෝවන් කියන්න ලැජ්ජයි. ලෝකයේ තියන අර්තවත්ම සුබ පැතුම එයයි. ගුඩ් මොර්නින්ග් කියනවා. හැබැයි ඉංග්‍රීසි නිවැරිදිව කතා කරන්න ඉගෙන ගන්නේ නැ. මට මතකයි මහාචාර්ය ජී බි දිසානායක මහතා වරක් පැවසුවා තම මව් භාෂාව නිවැරිදිව හසුරුවන්න නොදන්නා අය වෙන භාෂාවක් උවද නිවැරිදිව ඉගෙන නොගන්නා බව. භාෂා දෙකම එකවර අච්චාරු කරන්නා එක භාෂාවක් වත් ඉගෙන නොගනී. තමාගේ මව් බසට ගරු නොකරන්නා පරිසරයට ගරු කරයි කියල හිතන්න බැහැ. දෙමව්පියන් ඉතින් මේවා දරුවනට පුංචි කලේ ඉඳලම කියල දෙන්න ඕනේ. ළමයිනට නිකම් බොරුවට " අන්කල්" "බායි" කියන්න පුතා කියල බොරු සෝබන උගන්නන්නේ නැතිව.(නදී)

:       0       0

මදුර Thursday, 08 May 2014 09:54 AM

අසෝක ඔබේ කතාව හරියට හරි. කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහැව්වා. අපේ මිනිස්සු අපේ මුල් අමතක කරලා වෙන රට වල දේවල හරි ලොකුවට ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නෑ බටහිර රටවල අය ඒ රටවලදී සත 5 කට අපිව ගණන් ගන්නේ නෑ කියලා. අපි අපේ හොඳ ගුනදර්ම අමතක කරලා පිස්සෝ වගේ පිටරට වල ආචාර දර්ම ගන්නවා අපිට කරදරයක් වුන විට ඔය සෝබන වලින් වැඩක් නෑ කියල අපේ මිනිස්සු කවදා තේරුම් ගනී ද මන්දා.(නදී)

:       0       0

සුමේධා Wednesday, 07 May 2014 12:42 PM

උතුම්ම අම්ම කෙනෙක් ... (දී)

:       0       0

නිලන්ති Thursday, 08 May 2014 10:05 AM

අනේ වාසනාවන්. මේ අම්ම තමන්ගෙ දරුවා ගැන කොච්චර හිතනවද? අද කාලේ සමහර අම්මලට දරුවන් ගැන හොයල බලන්න වෙලාවක් නැහැ.එක්කො කාර්යබහුලත්වය නිසා නැත්නම් හොයන්න උවමනාවක් නැති කම.ඒත් හැම අම්මම එහෙම නෑ. ඒ අතින් මේ අම්මා කොච්චර ආදර්ශවත් ද? (ස)

:       0       0

උපාලි Wednesday, 07 May 2014 01:04 PM

නැණවත් මවක්. කන්දක් කුලියට නොගත්තත් අපේ රටේ ඕන තරම් කඳු, වන අරන්, දියඇලි , මුහුදු බඩ ප්‍රදේශ ඕන තරම් තියනවා. ඔවුන් සමග ගොස් ඒවා පෙන්වා දී පරිසරය ගැන ඔවුන් දැනුවත් කරන්න අපේ දෙමව්පියනුත් දැනුවත් විය යුතුය. (ස)

:       0       0

පාලිත ජයසිංහ Thursday, 08 May 2014 05:04 PM

දුවට පෙන්වන්න කියල අපේ අය ඉස්සහරට වන්නන්තර පිටින්ම කඳු ගන්න හදයි. එහෙම සුපිරි කොටසක් අද ඉන්නවා අලි හොරු වගේ.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 07 May 2014 01:27 PM

වාසනාවන්ත දියණියක්. කෙසේ වෙතත් උපාලි කියනවා වගේ, ලංකාවේ පරිසරය ගැන ඉගෙනගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හෝටල් වලට ගිහිල්ලා විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් ඒ වගේ තැන් වලට ගියොත් ගොඩක් දැනුමක් වගේම විනෝදයකුත් ලබා ගන්න පුළුවන්. (ස)

:       0       0

නිරාන් සෞදි Wednesday, 07 May 2014 02:10 PM

අගේ කරන්න ඕනේ අම්මගේ සිතුවිල්ල. නමුත් සල්ලිවලට කරන්න දෙයක් නැතිව කෝට් ගනන් වියදම් කැරලා තමාගේ සුරතල් බල්ලන් පුසන් විහාහ කරදෙන මිනිසුත් මේ ලෝකේ ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 73 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 600 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 86 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 49 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 117 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3290 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site