අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත  නාහිමියනට පිං අනුමෝදන් කිරිමේ වෙනුවෙන් පින්කමක් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මුලිකත්වයෙන්  එම විහාරස්ථානයේදී  පැවැත්විණි.

සෝභිත හිමියන්ගේ අනුපමේය ගුණ සමුදාය සිහිපත් කොට  අමරපුර මහා නිකායේ ධර්මක්ෂිත පාර්ශ්වයේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද  හිමියෝ ධර්ම දේශනාව පැවැත්වුහ.

පිංකම සඳහා ප්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද  හිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණිස්සර හිමි, මනම්පිට අමිත හිමි, මාපලගම ජිනානන්ද හිමි, අතලේ සුමන හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කැම්පනේ අනුරුද්ධ හිමි ඇතුළු මහා සංඝ රත්නය සහභාගී වුහ. ගිහි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක්ද විහාරස්ථානයේ දායක දායිකා පිරිසක්ද සහභාගී වුහ.

පසුදින මහා සංඝ රත්නය උදෙසා සංඝ ගත දක්ෂිණාවක්   පිරිනමා අපවත්වී වදාළ සෝභිත  හිමියන් හට පින් අනුමෝදන් කරනු ලැබීය.

1[1] PARIS4[1] PARIS5[1]

12232664_10206239555680963_1057457017373520018_o[1] image-781dc14038364f77890e9cfd5756660f451ad3737e19f17cacffbf5fbdac1101-V[1]PARIS6[1] PARIS7[1] PARIS10[1]