ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුබ සාධක සංවිධානය පැවැත්වූ කඩවසම් තරුණයා තේරීමේ තරගයේ ප‍්‍රධාන අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගීන්ට හැකි පමණින් උපකාර කිරීමයි. එම කටයුතු ඉතාමත් ඉහළින් පසුගියදා ශ්‍රී ලංකාවේදි සිදු විය.
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ වකුගඩු රෝගීන් හට පිරිසිදු ජලය, අවශ්‍යය උපකරණ ලබා දීමට කටයුතු කරන ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් අයත් සංවිධානය මහරගම, මහනුවර, යාපනයේ පිහිටි පිළිකා රෝහල්වලට අත්‍යාවශ්‍යවූ බෙහෙත් ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණද, ඇඳන් 10ක්ද පරිත්‍යාග කළේය.
‘පිළිකා රෝගය විශාල ලෙස පැතිරී යනවා. ලංකාවේ පිලිකා බෙහෙත් මිල අධිකයි. එවිට රෝගීන් අසරණ වෙනවා. මෙහෙම ගියොත් මුළු රටම රෝහලක් වේවි. එවැනි තත්වයකදී ඔබලාගේ අධාර උපකාර අපේ රටට ගොඩක් වටිනවා. ඒ වගේම මෙයට සහායවූ සියලූ දෙනාටම ස්තුතිය පුද කරනවා‘.
මැදවච්චිය මෛත‍්‍රිපාල සේනානායක කණිෂ්ඨ විදුහලේ 1200ක් පමණ දරුවන් වෙනුවෙන් ජල පෙරන යන්ත‍්‍රයක්ද, මැදවච්චිය යුද හමුදා කාන්තා බලකායට ජල පෙරන යන්ත‍්‍රයක්ද, කොතලාවල ආරක්ෂක පීඨයට ඉංග‍්‍රීසි පොත් තොගයක්ද ඔවුහු පරිත්‍යාග කළහ.
‘වකුගඩු රෝගයට ගොදුරු වන ජනයාද ඉතා සීඝ‍්‍ර ලෙස ඉහළ යමින් තිබේ. විශේෂයෙන් වකුගඩු රෝගයෙන් අනාගත දරු පරපුර බේරා ගැනීමට නම් පිරිසිදු ජලය එම පළාත් වලට ලබා දිය යුතුය. යුද්ධයේදීද දැඩි පීඩනයකට පත් උතුරු නැගෙනහිර ජනතාවට පිරිසිදු ජලය නොලැබුනොත් මෙම ප‍්‍රදේශ ජන ශූන්‍ය බවට පත්වීම නොවැළැක්විය හැකිය. එබැවින් හැකි පමණින් උදව් කිරීම අපේ යුතු කමකි. මෙම සියලූ ව්‍යාපෘතීන්ට ලක්ෂ 22ක් පමණ වැය වුණා‘
මේ සඳහා පැරීසියේ බොහෝ ධානපතියන් උපකාර කළා. ඔවුන්ටත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උදව් උපාකාර කල සියලූ දෙනාටමත් ලංකාදීප පුවත් පතටත් ස්තුති වන්ත වෙන අතරම ඉදිරියේදිත් එම සහයෝගය බලාපොරොත්තු වන බව ප‍්‍රංශ ලංකා සුබ සාධක සංවිධානය වෙනුවෙන් එහි සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා පැවැසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් අරමුණක් (නි)
රවී. ඔයා හරි පැරිස් වල වැරදීල හරි පදුරකට පය වදුනොති සභපති වරු විසිවන ගණන ගණන් කල නොහැක ..? (රේ)
අජිත්, දැන් මේවා දකින විට සමහරු පුපුරනවා ඒකට අපි මොනා කරන්නද .? (ර)
මේවා හොඳ වැඩ (නි)
රන්ජිත්, ඔයා හරි. මමත් එකඟයි (නි)
අජිත්, ඔයලටත් පැරිස් වල පරණ සමිතියක් තිබ්බා නේද කෝ දැන් ඒක. (ර)
රංජිත් ඔයාගේ අදහසට මම ඒකගයි. (ර)
අපේ කට්ටිය ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය නම් නියමෙටම පිළිපදින බව ඉහත සඳහන් අදහස් වලින්ම පේනවා. හැබැයි, කඹ ඇදීම හා කොට්ටපොර වලට පමණක් මුල්තැන නොදී, මෙවැනි ජාතික මෙහෙවරක් කිරීම ගැන මම නම් සංවිධාන මණ්ඩලයට ස්තුති කරනවා. කටින් බතල හිටවන මේවගේ වැඩ ඉස්සරහට දමලා විරයින්වෙලා ගානක් කඩාගන්න බැරිඋන කට්ටියට නම් විශාල කණගාටුවක් දැනිලා වගෙයි.(රේ)
මේවා හොද වැඩ අපි උදව් කරමු (රේ )
රන්ජිත් ඔයා හරි වහපු සමති වල අයත් බොරුවට දගලන යුගයක් මේ ..(රේ)
පින් කරන උදවිය සද්ද නොකරයි සද්ද කරන උදවිය පිං නොකරයි..(රේ)
පතිරගේ ඔබ හරි රොෂාන් ඉතා හොඳයි ගුණයි ඒත් . ඒයාගේ මල්ලි ඉතා .ඉතා .ඉතා හොදයි හරිම ගුණයි දන්නෝ දනිති ..
දනට සුභ සාධකය පමණයි පැරීසියේ ප්‍රයෝජනවත් වැඩක් කරන එකම සංවිධානය . අනෙක්ව කතා පමණයි .(ම)
පතිරගේ ඇයි රෝෂාන් විතරක් හොඳ ඒතැන ඉන්න ඔක්කොම හොද අය ..(රේ)
හිරු පායපු, ආධුනික ගී, ඇම්බියුලන්ස්, අවමංගල්‍ය සමිති ගොඩක් පැරීසියේ තිබුණා. (ර)
කවුරු හෝ රටට දැයට වැඩක් කරනවා නම් වටිනවා (නි)
පින්තූරයේ සිටින රොෂාන් ඉතා හොඳ ගුණ යහපත් කෙනෙක්. අපි පැමිණි කාලයේ බොහොම උදව් කළ බව කිව යුතුයිි (රේ්)
සුනිල් ඔබ තුමා හරියටම හරි මිගමු සමතිය කාඩාගෙන ඇවිත් හදපු සංගමය තමයි මේ ..!! (අ)
රංජිත්, ඇත්තටම මේ පිංතුර වල මම අඳුනන්නේ රොෂාන් පමණයි. එහෙත් මෙවැනි අගනා කටයුතු වල යෙදෙන්නේ සත් ගුණවත් අය බව කවුරැත් දන්නා දෙයක්. (අ)
රන්ජිත් අර එක එක උදාවල් දැන් කෝ .? (බ)
පරණ සමිතිවල අපිත් හිටියා සමහරු එය විනාශ කර දැම්මා. සමිතියත් කඩාගෙන ගිහින් පිහිටුවපු එකතමයි (අ)
කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)
දැන් උදාවල් වෙනස් වෙලා .අලුත් නම සඳු උදාව කියල වෙනස් වෙලා .ඒක නිසා ඒ අය වැඩ කරන්නේ රාත්‍රියට පමණයි .එයාලා රැ වැඩ . ඇයි ? හඳ පායන්නේ රැටනේ .(ම)
සමන් ඇත්තට පැරිස් වල වහපු සමිති වල අය මොකද මේ කලබල .,,? (බ)
රන්ජිත් ඔය වහපු කඩේ වහල ම දාන්න ලියන්න කෝ .!! (අ)
අජිත් ඔයගේ කතාව ඇත්ත පැරිස් වල සමිති අඩියෙන් අඩිය අනේමන්ද . ??? (රේ)
නිමල් දන්ත .හිරු .සදු .තරු .පායපු සමිති වැහි වැහැල සමිති ගොඩක් පැරිස් වල ඇත ශ්‍රී ලංකා වට නම් කිසිම පලක් නැත (බ)