පැරීසියේ කඩවසම් ශ්‍රී ලාංකික තරුණයා තේරීමේ උත්සවය ප‍්‍රංශ ලංකා සුබ සාධක සංවිධානයේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. සුජීවා විජේසුරියගේ ජයමිණි කලායතනයේ නර්තන, ප‍්‍රංශ අයෝමය පුරුෂයන්ගේ ප‍්‍රදර්ශන, ලහිරු පෙරේරාගේ ගායන රංඟන සමග පැරීසියේ කඩවසම් කොල්ලන්ගේ විචිත්‍රවත් අංග එදින උත්සවයට ඇතුළත් විය.

යොහාන් පත්තම්පෙරුම, ෆොලෝරියන්, පවිත‍්‍ර හක්මනායක, පිළිවෙලින් ප‍්‍රථම, දෙවන, තෙවන ස්ථාන හිමි කර ගත්හ. ලෙනොර් කසුන්, පවිත‍්‍ර හක්මනායක, චරිත් සඳරුවන් හොදම විලාසිතා, ජනප‍්‍රියම තරුණයා, අයෝමය තරුණයා ලෙස තේරී පත්විය.

එම උත්සවයේ ප‍්‍රතිලාභ ශ්‍රී ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගීන් සදහා සැලසුම් කර ඇති ව්‍යාපෘති සදහා වෙන් කර ඇත. පිරිසිදු ජලය පෙරන මැෂින්, පිළිකා රෝගීන්ට ලබා දෙන රුපියල් 750ක් මිලැති එන්නත් 1000ක්, රෝගීන්ගේ ඇඳන් ආදිය මිලදී ගැනීමට පැරීසියේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ ආධාර කළහ.

සුසන්ත වැලිකන්න, සරත් පීරිස්, මාලා ද සිල්වා, සොන්නා ද සිල්වා, ප‍්‍රමිලා මල්ලවතන්ත‍්‍රී, ශ‍්‍රීපති ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම ව්‍යාපෘතියට දායක වූහ.

එම ආධාර අගෝස්තු මාසයේදී ශ්‍රීලංකාවට ප්‍රදානය කිරීමට නියමිත බව සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා පැවසීය.

meu[1] meu_2[1] meu_3[1]

01 02 03 05 06 10 13 14 19 20 27 30 DSC00390 DSC00401 DSC00448