එදා ක‍්‍රියාකාරී අද අක‍්‍රියවී ඇති යහපාලනය ආරම්භයේ ගොඩ නැගුනු ශ්‍රීලාංකික පැරිස් එකමුතුව විසින් 2015 ඔක්තෝම්බර් මස 07 වෙනිදා ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාට ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සංදේශයක් ප‍්‍රථම වතාවට ඉදිරිපත් කළේය. එතුමා සමඟ තානාපති කාර්යාලයේ පැවැති හමුවකදී එකල ඉහත එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරිද අල්විස් මහතා විසින් ඉහත සංදේශය භාර දුන්නේය. එහි අඬංගු ඉල්ලීම් අතරින් තානාපති විෂය පථයට අයත් කරුනු කිහිපයක් එහිදී විශේෂ වූයේය. එනම් ගුවන් ගමන් බලපත් හෙවත් පාස්පෝට් ලබා ගැනීම, දරුවන් ලියා පදිංචිය, හා ව්‍යාකූලවූ ලිපි ලේඛණ පරිපාලනය වැදගත් කරුණු අතරට එක්වූ අතර එය ස්ථීර ක‍්‍රමවේදයක් තුල සිදුකරන කාර්යක්ෂම යාන්ත‍්‍රනයක් ලබා ගැනීම ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ගේ අභිලාෂය වූයේය. ඒ සඳහා සාකච්ඡා, සම්මන්ත‍්‍රණ, ලිපි ගනුදෙනු ලෙස කටයුතු සිදුවුනේය.
මෙලෙස කටයුතු සිදුවන අතරතුර විවිධ විවේචන, පච ප‍්‍රචාර , මඩ ප‍්‍රචාර , කවි කොළ , කැළෑ පත‍්‍ර , කට කථා , වීදියේ කථා , තේ කඬේ කථා වංශ කථා , ප‍්‍රංශ කථා, විසිතුරු කථා , ලමා කථා සමඟ රැවීම , ගෙරවීම , පිම්බීම , අහක බැලීම , ඔරැවීම , සිනහාසීම, ආදී ක‍්‍රියාවන් ගෙන් පැරීසියේ ශ්‍රීලාංකික සමාජය පරිපූර්ණවී තිබුනේය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපත් ලක්ෂණයකි. ප‍්‍රංශය එම ලක්ෂණය හොදින් භුක්ති විඳින රටකි. එබැවින් සමහරු මඩ ගාති. සමහරු හුණු ගාති. සමහරු කවි කියති මෙවැනි සංකළන ඇති පරිසරයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එවැනිදැ නිර්මාණයවීම තුල දුම්රියේ , බස් එකේ , වීදියේ , ප‍්‍රසංඟයේ , පන්සලේ , පල්ලියේ , කනත්තේ ,යන සෑම ස්ථානයකම පාස් පෝට් එක ප‍්‍රධාන මාතෘකාව බවට පත්වීමට එතරම් කාලයක් ගත නොවීය. ඉන් අනතුරුව පැරීසියේ පාස් පෝට් සංක‍්‍රාන්ති කාලයක් පසු කළේය. පාස් පෝට් මතෘකාව සමහරෙකුට ජීවන භෝජනයක් වූයේය. තලූ මරමින් රස බැලූවෝය. සමහරු තලූ මරමින් කෙල ගැසුවෝය. සමහරු කෙළ සලමින් දිවැස් හෙළීය. සියල්ලෝම පාස් පෝට් එක වටා රොක් වූයෝය. අවසානයේ පාස් පෝට් එක බලවත් විය.
ඒ හේතු කොට ප‍්‍රංශයේ ශ්‍රීලාංකිකයන්ට මුහුණ පෑමට සිදුවූ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කොට විසදුම් ලබාදීම අරමුණු කොට ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැරීසියේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. පැරීසියේ විවිධ සංවිධාන නියෝජිතයෝ , සමාජිකයෝ සහභාගී වූ ඉහත අවස්ථාවට තානාපති ඇරයුමෙන් ශ්‍රීලංකා ආගමණ විගමණ පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා, එම අමාත්‍යාංශයේ ලේකම් සත්‍යපාල මහතා, විදේශ අංශයේ ප‍්‍රධානී යෝගනාදන් මහතාද සහභාගි වූයේය. එම සංචාරය අතරතුර පැරීසියේදි හා පසුගියදා ශ්‍රීලංකාවේ පැවැති ඟං වතුරට පෙර දින ආගමණ විගමණ පාලක තුමාගේ කාර්යාලයේදීද රණසිංහ මහතා හමුවී ඉහත විෂය ප‍්‍රධාන කොට පුවත් පත් සාකච්ඡාවකට මෙලෙස එක්වුයේය.
ප‍්‍රශ්නය:
ඔබතුමා පැරීසියට පැමිණියේ කුමක් සඳහා කාගේ ඇරයුමකටද?
පිලිතුර:
ප‍්‍රංශයේ ශ්‍රීලාංකිකයන්ට ආගමන හා විගමන විෂයට අදාාලව පැන නැගී ඇති ප‍්‍රශ්න හා ගැටලූ සම්බන්ධව සාකච්ඡුා කොට සාධාරණ නීතිමය විසඳුම් ලබාදීමත් , ඒ සඳහා අවශ්‍යය නීතිමය පරිසරය සකසා විසඳුම් ලබා දීම මෙම සංචාරයේ අරමුණ වන්නේය. ඉහත විෂයට අදාාල ප‍්‍රශ්න ගැන වර්තමාන ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා අප සමඟ දීර්ඝ ලෙස සාකච්ඡුා කලා. පැරීසියට අපේ පැමිණීම එහි ප‍්‍රථිපලයකි. පැරීසියට පැමිණ මේ පිලිබඳව ජනතාව සමඟ සාකච්ඡුා කොට සුදුසු විසඳුම් ලබා දෙන ලෙසට එතුමා අපට ඇරයුම් කලා. එම අරමුණ ප‍්‍රධාන කොට අපි පැරීසියට පැමිණියෙමු.
ප‍්‍රශ්නය:
ප‍්‍රංශයේ වාසය කරන ශ්‍රීලාංකිකයන්ට බලපෑ ගුවන් ගමන් බලපත‍්‍ර, ලියාපදිංචි, ද්විත්ව පුරවැසි යන විෂයන් මූලික කොට ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය සංවිධානය කල මහජන රැුස්වීමකට ඔබතුමා සහභාගි වුනා. එහිදී විවිධ ගැටළු ගැන අවබෝධයක් ලබා ගැනීමට ඔබටත් අනෙක් විධායක නිලධාරි මහතුන්ටත් අවස්ථාව ලැබුනා.. මෙහි අනාගත ප‍්‍රථිපල විස්තර කරන්නේ කෙසේද?
පිලිතුර:
විශේෂයෙන් අමාත්‍යාංශ ලේකම් තුමාත් මෙම සංචාරයට එක්වුනා. එබැවින් අතීතයේදි මෙම ප‍්‍රශ්න සඳහා අනුගමනය කල ක‍්‍රියා මාර්ග හා දැනට පවතින ප‍්‍රශ්ණ ගැන අපට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා. ඒ අනුව අමාත්‍යාංශ මට්ටමෙන් සිදුවිය යුතු මූලික පියවරයන් හා විදේශ අමාත්‍යාංශය සමඟද මෙම කරුනු ගැන අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන අතරම ඒ මගින් ඉදිරියේදී ගතයුතු ප‍්‍රතිපත්තිමය තීන්දු හැකි ඉක්මනින් ක‍්‍රියාවට නගා ප‍්‍රංශයේ ශ්‍රීලාංකිකයන්ගේ ප‍්‍රශ්ණ වලට සාධාරන හා මානුෂික විසදුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය:
විදේශයේ සිට පැමිණෙන ශ්‍රීලාංකිකයන්ට කොළඹ ගුවන් තොටුපොලේදී සිදුවන විවිධ අල්ලස් සම්බන්ධව සමහරක් ආගමන විගමන නිලධාරීන් ඉදිරියේ මුහුණ දීමට සිදුවූ සිද්ධීන් ගැන ඔබ තුමාට පැමිණිලි කලා. ඒ ගැන ඔබ තුමාගේ ක‍්‍රියා මාර්ගයන් කුමක්ද?
පිලිතුර:
අපි බොහෝ විට උත්සහා කරන්නේ ජනතාවට අවශ්‍යය සේවාවන් උපරිම ලෙසත් මානුෂිකවත් සාධාරණ නීතිමය තත්වයන්ට අනුකූලව ඉෂ්ඨ කර දීමටයි. අප ආයතනය මේ වනතුරු එම සේවාවන් ඉතා හොඳින් අවංකව ඉටු කරදීමට හැකියාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මෙම කාර්යන් අතර තුර ඔබ කිව් අයුරට යම් අසාධාරණ, දුෂිත ක‍්‍රියාවන් සමහරක් සේවකයන් අතරින් සිදුවිය හැකියි. මගීන්ගේ වගකීම වන්නේ; එවැනි පුද්ගලයන් අපට හඳුන්වා දීමයි. එසේ නොමැතිව සාක්ෂි වලින් තොර කට වචනයට කරන ප‍්‍රකාශ හෝ පැමිණිලි ගැන අප කටයුතු කරන්නේ කෙසේද? කෙසේ නමුත් එවැනි අකටයුතුකම් සිදුවේ නම් අපි එය අනුමත නොකරමු. එසේ වුවද එවැනි වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුයි. එසේ වීමට නම් එවැනි වැරදි කරන නිලධාරීන් අපට හසුකර දිය යුතුයි. එය මගීන් සතු වගකීමක්. එය නිවැරදි ලෙස ඉටුකර දීමට හැකි නම් ඔබ ඉහත ප‍්‍රකාශ කල අයුරට ගුවන් තොටුපොලේදී සිදුවන එවැනි අක‍්‍රමිකතා අවම කිරීම සඳහා අවශ්‍යය පියවර ගැනීමට මම පසුබට නොවන බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
ප‍්‍රශ්නය:
ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය මගින් සිදුවන කටයුතු ගැන හා වෙනත් විවිධ පරිපාලනමය කටයුතු සම්බන්ධව පසුගිය සති කිහිපය පුරා පැරීසියේදී නොයෙක් විවේචන, පුවත් වාර්තා, මඩ වාර්තා හා හෙළාදැකීම් ආදිය සිදුවුනා. තානාපති තුමා වැඩ බැරි නුසුදුස්සෙක් ලෙසත් සමහරුන් හුවා දැක්වුවා. විවේචකයන්ගේ බලපෑමට ඔබ තුමන්ලා පැරීසියට පැමිණෙන බවත් උපුටා දක්වා තිබුනා. මේ ගැන ඔබතුමාට පැවැසීමට ඇත්තේ කුමක්ද?
පිලිතුර:
එක එක්කෙනාගේ මඩ වාර්තා වල බලපෑමට අපි පැරීසියට ආවේ නැහැ. අනෙක අපිට ඕවා කියවන්න වේලාවකුත් නැහැ. කෙසේ නමුත් මම විශේෂයෙන් මතක් කලයුතු දෙයක් තිබෙනවා. රණවිරාජා මහතා ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. එතුමා යටතේ මමත් සේවය කර තිබෙනවා. එතුමා අමාත්‍යාංශ ගනනාවක ස්ථීර ලේකම් ලෙසත් විදේශ රාජ්‍ය ආයතන කිහිපයකත් සේවය කොට හොඳ අත්දැකීම් ඇති බොහෝම නිශ්ෂබ්ද දක්ෂ අවංක රාජ්‍ය නිලධාරියෙක් .කවුරු මොනවා කීවත් එතුමා රට වෙනුවෙන් ඔහුගේ රාජකාරිය හරියට සිදු කරනවා. අපි පැරීසියට පැමිණියෙත් එතුමාගේ ඇරයුමෙන්. එම නිසා ඔය එක එක්කෙනාගේ විවේචන ගැන එතරම් කලබල විය යුතු නැහැ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු තානාපති තිලක් රණවිරාජා මහතා ලාංකිකයනට කළ සේවයට අපෙන් තුති! (නි)
තානාපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි (නි)
ඔය මොනවා කිවුවත් මෑතක සිටි තානාපතිවරුන් අතරින්, මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න රැස්වීමක් හරි තිබ්බේ මෙතුමා විතරයි. සමහරු බැරි දේවලුත් ඉල්ලනවනේ. තව සමහරු හිතාගෙන ඉන්නේ තානාපති කාර්යාලය කියන්නේ ඉඩම් කච්චේරියක් කියලා. (නි)
පාස් පෝට් එක නිසා හදපු පාලම යට සහයෝගිතාව මොනවද කළේ ? (බ)
තානාපතිතුමා අදක්‍ෂයෙක් නම් රැස්වීම් තියයිද ?කවුද ඔය කතා කියන්නේ ? ඔලුව අතගාලා බලන්න මොනවා හරි මතු වෙනවද කියලා (බ)
අජිත් .පාලමයට පාස්පෝට් එකක් කියාද .? (අ)
මොන පාලම යටද පාස් පොර්ට් විකුනන්නේ ? ලා චැපල් වලද ? කල්දේරාගේ කඩේද ,(අ)
තානාපති තුමා මේ කරගෙන යන කටයුතු වලට ප්‍රංශය ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ස්තුතිය හා ගෞරවය .(අ)
තානාපති තුමනි.. කළසේවයට ස්තුතියි .(අ)
යහපාලන රජයට ජනාධිපති තුමාට අගමැති තුමාට තානාපති තුමාට ..ජයවේවා...මිට ..ප්‍රංශ ශ්‍රී ලංකා ජනතාව (බ)
දැන් තිබෙන තාක්ෂණය අනුව විදේශයක තිබෙන ශ්‍රී ලංකික තානාපති කාර්යාලයකින් භාර ගන්න ගමන්බලපත් අයදුම්පතක් සති 2 ඇතුලත වැඩකටයුතු නිම කර බලපත්‍රය බලපත්‍ර ලාභියාගේ අතට ලබාදීම ඉතා පහසුවෙන් කළ හැක නමුත් නිලධාරීන් එම කාර්යය ඉටු කිරීමට මාස 2- 3 අතර කාලයක් ගනිමින් ජනතාව රස්තියාදු කරති (බ)
මෙම පාස්පෝර්ට් ප්‍රශ්නය ඉස්සෙල්ලාම ඉදිරිපත් කලේ පැරිස් එකමුතුවයි . එහි ගෞරවය ඔවුන්ට හිමිවිය යුත්තේ .(ම)
ඔය රැස්වීමට මමත් ගියා .මොනවා වුණත් හොද වැඩක් .ආගමන විගමන පාලක තුමා හොඳට සුදානම් වෙලා සියලු දේ ගැන හොඳ අවබෝධයකින් පිළිතුරු දුන් බව නම් කිව යුතුයි (ම)
පැරිස් එකමුතුව දැන් පැරිස් සංවිධානයට ජයවේවා ...(ම)
ආගමන විගමන පාලක ජෙනරාල් නිහාල් රණසිංහ මහතාගේ. කතාව මම ද අනුමත කරමි. ගරු තානාපති තිලක් රණවිරාජා මැතිතුමා .නිහතමානි , අහිංසක, අවංක , පළපුරුදු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය නිලධාරියෙක් යන මතයට එකග වෙමු (බ)
අපිට අඩු පාඩු පාස්පෝර්ට් ප්‍රශ්න , ලංකාවට ගියාම රේගු බදු රහිතව වාහනයක් ගන්නට , ඕවා තමා කෙරෙන්න ඕනේ (බ)
විදේශ අමාත්‍යාංශය මහජන බදු මුදල් වියදම් කරගෙන පැරිසියේ වසන ලාංකිකයන්ගේ ඔවුන් රට හැරදා ගිය නිසාම ඇතිවූ ප්‍රශ්න විසඳන්න යාම කෙතරම් සාධාරණද යන්න මට නම් ගැටලුවකි. ප්‍රශ්න තිබෙන්නේ රටට විදේශ විනිමය එවන මැදපෙරදිග ශ්‍රමිකයන්ටයි. ඔවුන්ට සේවා ස්ථානයේ මෙන්ම ලංකාවේ වසන සැමියා සහ දරුවන් පිළිබඳවද ප්‍රශ්න ඇත. (ම)
ගරු තානාපති තිලක් රණවිරාජා මහතා අවංක රාජ්‍ය නිලධාරියෙක් ..(ම)
සමාවෙන්න, සමහරවිට මෙය අදාළ නොවන ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. කරුණාකරලා දන්නා කෙනෙක් මට කියනවාද, ලංකාවේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය සහතික කරගැනීම තානාපති කාර්යාලයෙන් කරන්න පුලුවන්ද කියලා. මොකද මේ සම්බන්ධව මම කතාකළාම කිව්වා ලංකාවේ තියන කන්තෝරුවට ගෙදර කෙනෙක් යවලා කරගෙන තානාපති කාර්යාලයට එන්න කියලා. එහෙම කරගන්න ඕනෑ නම් තානාපති කාර්යාලයෙන් ඇති වැඩක් තියනවද? (නි)
තානාපතිතුමාගෙන් අපට වුණ සේවය අපි අගය කරනවා (නි)
මම පැරිස් විත් අවුරුදු 27ක් වෙනවා. අපිට වැඩක් කරපු අංක එකේ තානාපති තිලක් රණවිරාජා මහතායි (නි)
තානාපති තිලක් රණවීරාජා මහතාණනි, ඔබ ගොඩක් හොඳ කෙනෙක්. (නි)
තිලක් රණවිරාජා මහතා පැරිස් අපිට කළ සේවය අමරණීයයි (නි)
ගරු තානාපති තිලක් රණවිරාජා මැතිතුමාගෙන් වෙන සේවය අතිමහත් (නි)
තානාපතිතුමාට ජයවේවා ...!
පාස්පෝට් ..පාස්පෝට් ..පාස්පෝට් ..පාලම යට ..ලාබයි ...ලාබයි ...ලාබයි ...(බ)
මම දන්නා තරමට මෑත කාලයේ සේවයක් කරන්න උත්සාහ කළ තානාපති කෙනෙක් ලෙසට මෙතුමාව හඳුන්වන්න පුළුවන් (නි)
ඔය ගොඩාක් පාස්පෝර්ට් ප්‍රශ්න ගෙන කතාකරන කොටස ප්‍රන්සයට පූස් පාර්ට් එකෙන් හොරෙන් ඇවිත් සරණාගත විසා වලින් ඉඳලා පස්සේ පුරවැසි හෝ දිගුකාලින නේවාසික විසා ගත් අය ,(රේ)