පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි, නිට්ටඹුවේ සාරිපුත්ත පීඨාධිපති කොටගම වාචිස්සර හිමි , විතාරන්දෙනියේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති විශ‍්‍රාමලත් කිරින්දේ ගුණසිරි හිමි, ඉත්තදෙමලියේ පඤ්ඤාරතන හිමි, කුඩාබැඳිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරාධිපති කම්බුස්සාවල ගුණරතන හිමි, කඳුරුපොකුනේ ජයසුන්දර පුරාණ විහාරාධිපති විතාරන්දෙනියේ ඤාණරතන හිමි, මනම්පිට අමිත හිමි, මාපලගම ඡිනානන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කහත්තේවෙල සුගතසිරි හිමි, කැම්පනේ අනුරුද්ධ හිමි, බුරුමයේ යු.කුමාර හිමි, බංගලාදේශයේ පඤ්ඤවංශ හිමි සහ ජෝතිසාර බුද්ධප‍්‍රිය යන හිමිවරු සහභාගි වුහ.
විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප‍්‍රමුඛත්වයෙන් කඨින පිංකම සිදුවිය . පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහැරක් ද පැවැත්විණ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසරණයි. ඉතාම ලස්සනයි, ප්‍රශංසනීයයි. ප්‍රංශයට දැන් බුදුදහමේ සාමකාමී පණිවිඩය හොඳට තේරෙනවා ඇති. (නි)
කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්, පරවාහැර චන්ද්‍රරතන හිමියන් හා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පැරිස් බුද්ධ ශාසන අඹරේ සැමදා දිදුලන සුර්යයන් තිදෙනෙක්. මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක එකම නගරයක පන්සල් තුනක් එකට එකතුවී මේ හිමිවරු තිදෙනා ඉටුකරන අන්දමේ ශාසන මෙහෙවරක් සිදුවන්නේ නැහැ. පැරිසිය ඇතුළු යුරෝපයේ ප්‍රධාන නගර වලට එල්ලවී ඇති ත්‍රස්ත තර්ජන වලින් ජනතාව මුදාගන්න මේ පින්කම් වලින් පිහිටක් ලැබේවා ! (නි)
කෝස්ගස්දෙනියේ ආනන්ද හිමියන් මම හොඳින් දන්නවා. අපේ එම හිමියන්ට නමස්කාර කරමි! (නි)
ලසසනයි (නි)