IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැරිසියේ කළඑළී මඟුලක්

සිංහල සංස්කෘතිය ලොවට පෙන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රංශයේ පැරිස් නුවර "තිසරාවී" කලායතනය ශ්‍රී ලාංකික නැටුම් කලාව ප්‍රගුණ කළ  ප්‍රංශයේ උපත ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරු දැරියන් හට ශීර්ෂාභරණ පැලැඳවීමේ කලඑළි මංගල්‍යයක් පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විය.

නැකත් චාරිත්‍ර පිළිපදිමින් අරුණ වැටෙන්නටත් පෙර ආරම්භ කළ  මංගල්‍යය අවසන් වුයේ සිසුවියන් දසදෙනෙකුගේ  නැටුමකිනි.

බෞද්ධ සිරිත් විරිත් පෙරදැරි කරගෙන මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගනිමින් නැකතට ශීර්ෂාභරණ පැළැඳවීම සිදුවිය. "තිසරාවි" කලායතනයේ නිර්මාතෘ දිමිත්‍රි පිරිස් සහ නැටුම් ශිල්පය ප්‍රගුණ කළ දරුවන්ගේ දෙමාපියෝ මෙම උත්සවය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කළහ. ප්‍රංශයේ මෙවැනි සම්ප්‍රදායික ශ්‍රී ලාංකික කලඑළි මංගල්‍යයක් පවත්වන ලද මුල්ම අවස්ථාව මෙය විය.

PARIS_1[1] PARIS_2[1] PARIS_3[1] PARIS4[1]



අදහස් (0)

පැරිසියේ කළඑළී මඟුලක්

චන්ද්‍ර පැරිස් Friday, 06 November 2015 10:07 PM

මේ හැම දෙයක්ම ඇත්ත. අපේ උරුමයන් ඕනෑවටත් වැඩිය මෙහෙ තිබෙනවා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 06 November 2015 11:26 PM

අසෝකා නැගණියනි හොඳහැටි අහගන්න..... නැටුමද හෙළ අපේකම ඔබ දන්න..... හෙළවිරු බවින් දම් පදයෙන් ඔදවැඩුන..... යහජීවන රටාවයි අපේකම මා දන්න... (නි)

:       0       0

අසෝකා Friday, 06 November 2015 10:41 AM

වැහැරෙන්නට නොදී අපේ කම රැක ගන්න ............. උත්සහ දරන නුඹලට මගේ තුති මෙන්න!!...........නට නට ඉන්න රටකම නුඹ උපදින්න.............පෙරකළ බවක් බව පිටිගල දැනගන්න!!!! (ම)

:       0       0

ලලිත් Saturday, 07 November 2015 12:52 AM

මේක හොඳ දෙයක් (නි)

:       0       0

සුසිල් Sunday, 08 November 2015 07:19 AM

හොඳ වැඩක්. නමුත් අපේ දේවල් රකින්න අපේ රටේ ඉඩ හොඳටම ඇති. මේක අපේ රටේම දියුණූ කරගන්න එක තමා හොඳ සහ වඩාත් ගැලපෙන්නේ. (ම)

:       0       0

අසෝකා Sunday, 08 November 2015 08:41 AM

එඩිතර වීර සිහලුන්ගේ ලක් දෙරණේ, ...........හෙළ නැටුමත් රකියි අපෙ රට අභිමානේ!............සිනහව නොහඳුනන ඔය පිට රෑටියන්නේ ....වචනෙට පුතේ ඇයි පිටිගල ඩොන් යන්නේ? (ම)

:       0       0

ප්‍රදීප් ඩුබායි Saturday, 07 November 2015 08:53 AM

ආඩම්බරයි ඔබ සියලු දරුවන් ඇතුළු ගුරු බවතුන් ගැන, අපි ශ්‍රී ලාංකිකයන් වසයෙන්, මෙවැනි දේ දැකීම තුළින් අපේ සිත්සතන් තුල ඇතිවෙන්නාවූ අපේ කම කියා නිමකළ නොහැක. ඔබ සැමට තුනුරුවන් සරණ ලැබේව. දීර්ගාවූ වේවි පතමි. (අ)

:       0       0

අල්විස් Friday, 06 November 2015 08:42 AM

බොහොම හොඳයි (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 06 November 2015 09:19 AM

මා සමග වරක් ලංකාවට ගිය ඉතාලි ජාතිකයෙක් මගෙන් ඇසුවේ, ඔබලා ගොඩනැගිල්ලක්, පාරක් විවෘත කලත් නටනවා, අමුත්තෙක් පිලිගන්නත් නටනවා, පන්සලක, පාසලක කොහේ හෝ උත්සවයක් තිබ්බත් නටනවා, නට නටා ඉන්නවට වඩා දෙයක් මේ රටේ මිනිස්සු කරන්නේ නැද්ද යන්නයි.(ම)

:       0       0

අසෝකා Friday, 06 November 2015 05:03 PM

වැහැරෙන්නට නොදී අපේ කම රැකගන්න - උත්සහ දරන නුඹලට මගෙ තුති මෙන්න!............ නට නට ඉන්න රටකම නුඹ උපදින්න ...........පෙරකළ පිනක් බව පිටිගල දැනගන්න! (බ)

:       0       0

රොහාන් දයාදර Friday, 06 November 2015 06:07 PM

මේගොල්ල පැරිසියේ හොඳ හොඳ නැටුම් නටනවා..(බ)

:       0       0

අමාලි Sunday, 08 November 2015 11:17 AM

හරිම ලස්සනයි. (ර)

:       0       0

මාගලී ෆොන්සේකා Friday, 06 November 2015 09:34 AM

ඒවා අපේ සිංහල චාරිත්‍ර.අපි කොහේ හිටියත් ඒවා ඉෂ්ට කරනවා.අනික ඔයාට පේන්නෙම අපේ වැඩි පැරිසියේ කරන දේවල් .ඔයාට තේරුම් කරන දෙන්න තිබුනානේ සිංහල දේවල් ගැන.මෙහෙ ඉන්න ප්‍රංස කාරයෝ ගොඩක් ආසයි සිංහල නැටුම් ගැයුම් වලට. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 06 November 2015 09:42 AM

පැරිස් වල ,ශ්‍රී ලාංකීය කුසුම් පිපිලා තුරුමතේ සුවද හමනවා යුරෝපයේ දස අතේ.ඉතා සතුටුයි ...(බ)

:       0       0

රන්දික Friday, 06 November 2015 09:48 AM

පිටිගල මිලානෝ ,ඔබ අසා ඇතයි මා සිතමු ,නටන්න බැරි කෙනාට පොලොව ඇදයි යන පැරනි වැකිය...(ම)

:       0       0

තමර Friday, 06 November 2015 07:16 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

රන්දික Friday, 06 November 2015 09:56 AM

ඉ තා සතුටු දනවන සුබ දෙනෙත් පිනවන සුලබ දසුනක් . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site