එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම සහ නිලවරණය පසුගිය පෙබරවාරි 28  වැනි දා පැරීසියේ සෙන්ට් මොන්දේ නගර ශාලාවේදි පැවැත් වුයේය. පසුගිය ජනාධිපතිවරණයේදි යහ පාලනයක් සදහා පැරීසියේ එකමුතුවට ශක්තිය දුන් එජාප පැරිස් ශාඛාවේ සමාජිකයෝ විශාල පිරිසක් මෙදින සභාව නියෝජනය කළේය. එහිදි 2015 නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනිණි.

ඒ අනුව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සංවිධායක, සාමාජික ප්‍රවර්ධන ලේකම්, යුරෝපා සංවිධායක යන ප්‍රධාන තනතුරු සදහා අනුපිළිවෙළින් නාලක දෙවේන්ද්‍රන්, තිලිණ රණසිංහ, රෙක්ස් හෙට්ටිආරච්චි, නීල් මනෝහර, අජිත් පෙරේරා, රාජ් ප්‍රනාන්දු තේරී පත් කරගනු ලැබූහ.

උප තනතුරු සදහා සාලිය කොටිගලගේ, ධර්මසිරි ලියනවඩුගේ, ප්‍රභාත් පුන්නජිද සුබ සාධක ලේකම් ලෙස චන්ද්‍රසිරි චන්ද්‍රසේන මහත්වරු තෝරා පත් කර ගැණුනාහ.11 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක් සමග හිටපු සභාපති අජන්ත කල්දේරා මහතා හා වොෂිතා සේනානායක මහත්මිය අනුශාසකවරු ලෙස පත් කර ගනු ලැබූහ.

P1000398 P1000410 P1000412

P1000401