පැරීසියේ ශ්‍රීලනිප පක්ෂ ශාඛාවට දස වසරක් පිරීම නිමිත්තෙන් පැරීසියේ පිහිටි ශ්‍රීලාංකික දේශපාලන පක්ෂ ශාඛා, විවිධ සමාජ ක‍්‍රියාශීලී සංවිධාන එකතුවෙන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සංගීත සැඳෑවක් පැවැත්විණි.
සියලූම ජාතීන් නියෝජනය කළ මෙම සැඳෑවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ආකෘතියක් වටා තැන්පත් කළ පහන් වැටක් ද දැල්වුවේය. පැරීසියේ වෙසෙන සුපිරි තරු ගී ගැයුහ. සුපිරි වාදකයෝ වැයුවෝය. පැරීසියේ තිසරාවි නර්තන කලායතනයේ සිසු දරුවන්ගේ නර්තන උත්සවය ආලෝකමත් කළේය. ආරාධිත දේශනය තානාපති තිලක් රණවිරාජා මහතා සිදුකළේය.
‘මම සාමාන්‍යයෙන් දේශපාලන උත්සව වලට සහභාගි වීමට එතරම් කැමැත්තක් නැත. ඒත් අද දින මෙම උත්සවයට සහභාගි වීමට කළ ඇරයුම පිළිගෙන පැමිණියෙමි. එයට හේතුව මෙය සියලූම ජාතීන්ගේ එකමුතුවෙන් සිදුවන්නක් බැවිනි. මෙම වේදිකාව ඉදිරිපිට ඇති ශ්‍රී ලංකාවේ ආකෘතිය වටා ඇති පහන් දැල්වීමට සියලූම ජාතීන් එක්වීම ජාතීන් අතර සංහිඳියාව සංකේතවත් කරන එක් කරුණක්. මම එය ඉතා අගේ කොට සලකනවා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා රට වැසියෝ එකමුතුව එක රටක සහෝදරත්වයෙන් ජීවත් වීමේ අවශ්‍යයතාවය අද අපි ඉදිරියේ ඇති අභියෝගයක්. අද අපේ රටේද යහපාලන ජාතික රජය විසින්ද එම කාර්යයට මුල්තැන දී තිබෙනවා. එවැනි අවස්ථාවක විදේශ ගත ඔබලා මෙවැනි එකමුතුවක් සංවිධානය කිරීම ඉතාමත්ම කලෝචිතයි. එයට දායකවූ සියලූ දෙනාටත් පැරීසියේ ශ්‍රීලනීප ශාඛා නිලධාරීන්ටත් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. සාමාන්‍යයෙන් උත්සව වලදී පොල්තෙල් පහන් දැල්වීමට පුරුදුව සිටින අපි, අද මෙවැනි වටිනා නිර්මාණයක් වටා පහන් දැල්වීම සියලූම ජාතීන්ගේ එකමුතුවටත් ඔවුන්ගේ පැහැදිලි විශ්වාසයක් ගොඩ නැගීමටත් ඉවහල් වන බව මතක් කරදීමට කැමැත්තෙමි. එබැවින් මෙවැනි කටයුතු ඉදිරියටත් සිදු කිරීමට ධෛර්යය ලැබේවායි මම ප‍්‍රර්ථනා කරමි.‘
පැරීසියේ ශ්‍රීලනිප ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස් මහතා පැරිස් පන්සලේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වුණු බෝධි පූජාවකට සහභාගීවීමට නොහැකිවීම ගැන කනගාටුව පළ කළේය. අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු වුවද එයද මහ හැරුණු බවත් නව ජනපති හා යහපාලන රජය ජයග්‍රහණය කරවීමට දෙමළ, මුස්ලිම් ජනයාගේ වැඩ ඡන්ද ලැබුණේ උන්වහන්සේ නිසා බවත් ඊට සහභාගිවීම අපේ යුතුකමක් බවත් තම උත්සවය නිසා එය මග හැරණු බවත් ඔහු කීවේය.
පිළිගැනීමේ කතාව පැරීසියේ ශ්‍රීලනීප ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස් මහතා සිදු කළේය. උත්සව අවසානයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස් අය්යා ඒ ගැන අපි පාලම යට මානව සහයෝගිතාවට පැමිණිලි කරමුද ? (බ)
තානාපති කාර්යාලයේ කටයුතු විනාශ කරන්නේ කාර්යාලයේ වැඩකරන දොඩන්ගොඩලගේ කට්ටිය.. සජින් වාස් .. ලව පැරිස් වලට ඇදපු කට්ටිය (බ)
රන්ජිත් ..අර සුරිය උ දාව ....කෝ ...කෝ....කෝ...(බ)
රන්ජිත් ..ඇයි දොඩන්ගොඩ විතරක්ද .වාන..මහේස් ..නෙර .සමන් .මදුර .සිල්වා (බ)
මට පෙනෙන විදිහට මේ ලියල තියන දේවල් දකිනකොට කවුරුහරි පිරිසක් තවත් පිරිසක්.. දෙකට.. තුනට..හතරට ..කඩන්න අර අදින හැඩයි පැරිස් වල ඉන්න සියලු දෙනා.. ඉවසිමෙන් ..බුද්ධිමත්ව ..විමසිල්ලෙන් ...කටයුතු කරන්න මම ස්වාධීන කෙනෙක් මට දැනෙනදේ .මම කිවුවා ..!!! (බ)
ශ්රී ලංකා නි .ප..සබාපති තුමාට ජයවේවා ...!! (බ)
සභාපතිට ජයවේවා ...(බ)
අපි බැලුව අති සාර්ථකයි .ජයවේවා (බ)
ජයවේවා ...(බ)
සාදු...සාදු ....සාදු......(බ)
අජිත්, මේක තියන්නේ .අදහස් ලියන්න ඒ වගේම කට්ටියට කියවන්න මේකේ ලියන ගොඩක් දේවල් ඇත්ත. (ර)
දැන් පැරීසියේ එකමුතු වැහි වැහලලු නේද ? (ර)
අජිත් පැරිස් අයගේ දේවල් සෙනගට දැනගත්න මේක හොදම තැන. (ර)
සිරිසේන පැරිස්, ගේ අදහසට මම සම්පුර්ණයෙන්ම ඒකගයි. (ර)
අජිත් ගේ කතාව ඇත්ත පැරිස් පාලම් යටත් එකමුතු. (ර)
සන්ද්‍යා, කතාව හරියටම හරි මේක තියෙත්තේ ලියත්න ඒවා කියවන්න. (ර)
අජිත්, එකමුතු නම් පැදුරෙන් පැදුරට නමුත් ඇතුලෙ නෑ එකමුතු. (ර)
නීල්, එකමුතු හදන අයගේ ගෙවල් වල තිබේද එකමුතු ? (ර)
අජිත්, පවූලේ නැති එකමුතුව සංවිදාන වල කොයින්ද .? (ර)
අදහස් ලියපු සියලු දෙනාට ජයවේවා! (නි)
ප්‍රතිචාර වලින් තමයි පැරිස් වල ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. ලියන අයට ස්තුතියි (නි)
සමන් පැරිස්, ඔබගේ අදහසට මම එකඟයි (නි)
නන්දන, මිනිසුන්ට සභාපති උණ හැදුනහම ඔහොම තමයි (නි)
ලාල් තිලකසිරි පැරිස් ..ඔය කියන්නේ.. ලා චපල්..පාලම යට මානව හිමිකම් සහයෝගිතා අලුත් සිරිසගබෝ සමිතියද .? (බ)
අපි පටන් ගත් ඒවා දියුණු වෙනවාට බොහෝ සන්තෝෂයි , අපිට නිල තල නැති උනත්. (ර)
සම්පත් ..ජිනිවා වල ගිය සල්ලි වල ඉතිරි මුදල් කැසිනෝ වල ඇත ..(බ)
ජයවේවා. පැරිස් . ශ්‍රී .ල නි .ප .යට (බ)
ජයවේවා ...ජයවේවා ..ජයවේව ..ශ්‍රී ලනි ප .ට (බ)
ඉතා හොදයි සාර්ථකයි සංගමයට ජයවේවා (බ)
දොඩන්ගොඩල අායිමත් ගත්තෙත් සංගමයට බුදුසරණයි ..(බ)
හේරත් පැරිස්. . .ලා චැපල් පාලම යට සංගමේ ලේකම් කවුද ?දන්නේ නැති නිසයි අහන්නේ .? (බ)
දොඩන්ගොඩල පැරිස් ඉන්නකන් තානාපති කර්යාලයට බුදුසරණයි (බ)
ලාල් පැරිස් ල චැපල් පලමයට සංගමේ සබාපති කවුද .? (බ)
සිරි පැරිස්... පලමයට සංගමයක්නම් තුන්දෙනත් ඒ වගේම ඇති ...!!! (අ)
නිලවීර පටන් ගත්ත බෞද්ධ සංගමයට පින්සිද්ද වෙන්න අද බොහෝ සමිති සමාගම් පැරිසියේ බිහිවෙලා තිබෙනවා. ඒත් ඔය එකම සමිතියකින් හෝ අඩුම වශයෙන් සමිතිවත්, පින්කමක් කරන වෙලාවට ඔහුට පින් දිමකින්වත් සිහිපත් නොකිරීමට තරම් පෘතග්ජන වෙලා.(අ)
ඊයේ පෙරේදා ඩිස්කෝ පාටියක් දාලා සමරුවේ කුමන ශ්‍රීලනිපයේ සංවස්තරයද? (අ)
දරු කැල ලක් මවගෙ එක සෙවනකට වෙලා සතුටින් සිටිනු දැක මගෙ සිත ඔකඳ වෙලා .. ආගම ජාති කුලමල සැම ඉවත හෙලා...... ආදර්ශයක් වෙමු ලොවටම පසු නොබලා! (බ)
ලාල්... සංගමය කොහොමද කියල හිතාගත හැක .(බ)
සනත් -පැරිස්, ඔයලා මීටපෙර පැරිස් වල ජීවත්වෙන අසරණ ජනතාවෙට කරපු සේවාවක් පුලුවන්නම් කරල තිබෙනම් කියමු බලන්න. (ර)
සිරි පැරිස් ..පාලමයට සංගමයේ භාණ්ඩාගාරික කවුද ..(බ)
ඇයි පිටිගල මිලානෝ නිතරම පැරිස් යනවානේ එකවත් දන්නේ නැද්ද කීවෙනි එකද කියලා ඔයා.ඔය දන්නේ පැරිසියේ ඕපාදුප විතරයි නේද (කෞ)
සමහරු මේකේ කිසිම වැඩක් නැති දේවල් ලියනවා .කාටවත්ම වැඩක් නැහැ. (ර)
ආනන්දට වැරදී පටවලා වැඩක් නෙහැ , ඔහු ඒවා කළේ ඔහුට ඔබලා බලය දුන්න නිසා , ඔහුගේ මාර්ගයෙන් මහින්දට කියා යම් යම් දේවල් කරගන්නට , මේ මම දන්නා දෙයක් (බ)
අපෙන් සුබ පැතුම්! (නි)
අඩ්ඩා ! අඩ්ඩා ! වරේවා පැරිසියේ ශ්‍රී ල නී ප පුජාව (බ)
සභාපතිකම දෙනවනම් පැරිස් මිනිස්සු ඕනම තැනක ලගියි ..(බ)
දොඩංගොඩ ද , අපෝ දැන් නම් ඔයාලා කොහොමටවත් ගන්නේ නැහැ . එහෙනම් ඉස්සර වෙලා ජිනීවා ගිය බස් වල අය වැය පෙන්නලා ඉන්න ඕනී (බ)
අජිත්, සමහරු මේකේ ලියන දේවල් සම්පුර්ණ ඇත්ත. (ර)
හොඳ දෙයක් අගය කරන්න දන්නෙ නැති සමහර මිනිස්සු ගැන ඇත්තටම දුකයි (නි)
සභාපතිකමට පක්ෂ ආත්මය පාවාදෙන්න පුළුවන්ද ? (බ)
සමහර අදහස් දැක්කහම හිනාත් යනවා (නි)
ජයවේවා උත්සවයට. (ර)
ඔලුව ඇතුලෙ අබ ඇටය ක් හරි මොලයක් ඇත්නම් මේව බලල හරි හැදේවි (බ)
කච ...කච ..සභාපති .පාලම යට කච කචේ ..(බ)
කමල්, සුර්ය උදාව බැහැලා ගිහින්. (නි)
ලෝකයේ කොහේ ගියත් ලංකාවේ සමහර උදවිය දේශපාලන වන්දිබට්ටකම් කරන්නේ පුදුම උජාරුවකින් නොවැ (නි)
හොද උ ස්සවයක් අපි බැලුව ඉ තා හොදයි ...(රේ)
සබාපති තුමාට ජයවේවා (රේ)
අපි ගියා බලන්න හරිම ලස්සනයි ස්තුතියි (රේ)
කැමටික හරිම රසයි ස්තුතියි ගොඩක් (රේ)
දොඩන්ගොඩ ඔයාල පටන් ගත්තා වාගේම කාල වන කරලා හප කරලා ගියේ , ආපහු එන්න එපා මේවාට (අ)
අපේ දොඩන්ගොඩ ලා මේවා වලින් හොදට හමිබ කළා. (අ)
අර බෝධි පුජාවට ඉදලා තියෙන්නේ 21 දෙනාලු .පවුලේ අයත් සමගම .ඇත්තද ?ඩේමින් අයියා .(රේ)
තවමත්..පැරිස් තානාපති කාර්යාලය පාලනය ආනන්ද දොඩන්ගොඩ අතේ ඇලෙෂ් ..සොබනි .අනා යටතේ තියන්නේ.(අ)
සුබ පැතුම්! (නි)
මොනවා වුනත් අජිත් විතරයි පැරීසියේ සිංහල සංවිධානය හරියට කළේ. ඒකට අපි ගරු කරනවා (නි)
ඔය උත්සවවලට මගේ කඩෙන් බඩු ගත්තානම් ලාබෙට දෙන්න තිබුනා. කෝ කවුරුවත් මට දැන්නුවෙවත් නැහැනේ.හැබැයි අරක්කු නම් ලාබෙට දෙන්නේ නැහැ. (බ)
පිරිස් ඔයා හරි දොඩන්ගොඩ තමයි තානාපති කාර්යාලය පාලනය කරන්නේ ඇලෙෂ් .සෝබනී.දොඩන්ගොඩගේ කට්ටිය ..(බ)