ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භකොට මෙම සැප්තැම්බර් 26 වනදාට වසර 26 ක් පිරෙයි. 

මේවනවිට, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිදුකළ  දෙස් විදෙස් සාශනික සේවය සිහිපත් කරමින් බටහිර රටවල බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා එතුමන් ගත් මඟෙහි යමින් ප්‍රංශයේ අගනුවර වන පැරිස් නුවර ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බුදු දහම පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රංශ සහ අනෙකුත් ජාතින් හට මෙන්ම ශ්‍රී ලාංකික සහ අන් ජාතික බෞද්ධ සැදැහැවතුන් හටද අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් සේවාවක් ඉටුකරන බොහෝදෙනාගේ ගෞරවයට පත්ව ඇති බොදු සෙනසුනක් බවට පත්ව ඇත.

දැනට පැරිස් නුවර සහ ඒ අවට ජිවත්වන ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජතිකයින් බොහෝ දෙනෙකු මෙම විහාරස්ථානයේ දායකත්වය දරති.

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති මෙම විහාරස්ථානයේ 26 වන සංවත්සරය සමරමින් විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනාවෙන් යුතුව සැප්තැම්බර් මස 5 වන සෙනසුරාදා සියලුම දෙනාට ආශීර්වාද කිරීම උදෙසා පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වෙයි.

එදින සවස 3 ට විහාරස්ථානයෙද්දී පැවැත්වෙන සම්බුද්ධ පුජාව සහ පිරිත් දේශනාව මධ්‍යම රාතියේදී අවසන් වන අතර පසුවදා උදෑසන 6.30 ට පිරිත් දේශනාව සඳහා වැඩම කරන මහා සංඝ රත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් පිරිනැමෙයි.

මෙම උදාර පිංකම සඳහා සහභාගිවන ලෙස සියලුමදෙනාවෙත ගෞරවයෙන් ආරාධනා කරන බව චන්දරතන හිමියෝ පැවසුහ.

IMG_2483-(Copier) london_150902(1) london_150902