
ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින්, එරට ජීවත් වන කුර්දි ජාතිකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
වෙඩි තැබීම කළ සැකකරු 69 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. සැකකරු ජාතිවාදියෙකු බව ද පැවැසෙයි.
ඊයේ (24) මෙම තැනැත්තා ගිනි අවියකින් සන්නද්ධ වී, පැරිස් අගනුවර 10 වැනි දිස්ත්‍රික්කයේ කුර්දි සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලකට කඩා වැදී වෙඩි තැබීම් කර තිබේ.
පැරිස් අගනුවර 10 වැනි දිස්ත්‍රික්කයේ ජීවත් වන බහුතරය ප්‍රංශයට පැමිණ සිටිනව කුර්දි වැසියන්ය. වෙඩි තැබීම සිදුවුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් කුර්දි වෙළෙඳසැල් වන අතර, ප්‍රංශයට පැමිණ සිටින කුර්දි සංක්‍රමණිකයෝ ඒවායේ සේවය කරති.
පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙඩි තැබීම කළ සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. ඒ, ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාය. සැකකරු වෙඩි තැබීමට භාවිතා කර ඇත්තේ ප්‍රංශ හමුදා පිස්තෝලයකි.
වෙඩි තැබීමත් සමඟ 10 වැනි දිස්ත්‍රික්කයේ ජීවත් වන කුර්දිවරු පොලිසියටත් රජයටත් විරුද්ධව එක්රොක් වී කලහ කරන්න වූහ. එම පිරිස් පාලනයට ද පොලිසිය යෙදවිණි.
පැරිසියේ කුර්දිවරුන්ට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණැයි, ඒ ගැන සොව පළ කරමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැසීය.
ජනාපධිතිවරයා පැරිස් අගනුවර පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ ඇත්තේ වහා ගොස් කුර්දි ප්‍රජාව සමඟ කතාබහ කරන ලෙසය. ඒ අනුව, කුර්දි වැසියන් සන්සුන් වුණු බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් වෙඩික්කරු ජාතිවාදියෙක්