යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26ක් පිරිම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනය ප්‍රමුඛ පින්කම් මාලාව පසුගියදා විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.

පැරිස් නුවර ධමම්චක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි, ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික හිමි, ගාල්ල මානම්පිට තල්ගස්වල ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමාධිපති මනම්පිට අමිත හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසි හල්විටිගල සුජාත හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරවාසි  වත්තේගම සිරිනිවාස හිමි සහ බියගම පුණ්‍යවර්ධනාරාම විහාරවාසී කහත්තේවෙල සුගතසිරි හිමි සහභාගී වුහ.

පිංකමට ශ්‍රී ලාංකික, ප්‍රංශ, ලාඕස්, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ දෙනෙක් සහභාගිවුහ. මහා සංඝරත්නය සඳහා ගිලන්පස පුජාව මෙන්ම ගිහි සැදැහැවතුන් සඳහා ආහාර පාන සැපයීමේ දායකත්වය දරන ලද්දේ චන්ද්‍රානි විජේසේකර යුවල විසිනි.

11221447_10205865448088507_7744298153498379666_o[1] 11934549_10205865426807975_7313943644321997551_o[1] 11950168_10205865443328388_9104180319216173982_o[1] 11952894_10205865440648321_8850867323994553567_o[1] 11960086_10205865422607870_4375843419677121638_n[1] edit[1]