යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26ක් පිරිම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනය ප්‍රමුඛ පින්කම් මාලාව පසුගියදා විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.
පැරිස් නුවර ධමම්චක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි, ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික හිමි, ගාල්ල මානම්පිට තල්ගස්වල ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමාධිපති මනම්පිට අමිත හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසි හල්විටිගල සුජාත හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරවාසි වත්තේගම සිරිනිවාස හිමි සහ බියගම පුණ්‍යවර්ධනාරාම විහාරවාසී කහත්තේවෙල සුගතසිරි හිමි සහභාගී වුහ.
පිංකමට ශ්‍රී ලාංකික, ප්‍රංශ, ලාඕස්, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ දෙනෙක් සහභාගිවුහ. මහා සංඝරත්නය සඳහා ගිලන්පස පුජාව මෙන්ම ගිහි සැදැහැවතුන් සඳහා ආහාර පාන සැපයීමේ දායකත්වය දරන ලද්දේ චන්ද්‍රානි විජේසේකර යුවල විසිනි.
2025 නොවැම්බර් මස 04
498
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26
නීතා මොරගොඩ Friday, 11 September 2015 06:35 PM
බෞද්ධ සාසනය වෙනුවෙන් ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විසින් මෙවරත් මහත් ඉහලින් 26 වන සංවත්සරය සිහිකරමින් සිදුකරන ලද පිංකම් මාලාව සියැසින් දැක ගැනීමට අන්තර්ජාලය ඔස්සේ මුලු මහත් ලෝකයාටම සලස්වමින් ඔබවහන්සේ කරන ලද පිං මහිමය ආශිර්වාදයක් වී නිදුක් නීරෝගී භාවයත්,දීඝායු සම්පතත් අපගේ ගෞරවනීය පරවාහැර චන්දරතන නා හිමිපාණන්ට හිමි වේවා.තෙරුවන් සරණයි. (නදී)
ඉසුරන්දි රත්නායක Friday, 11 September 2015 06:54 PM
ගෞරවනීය නායක හාමුදුරුවනේ, ඔබවහන්සේ ලොව පුරා බුදුදහම පතුරවමින් කරන්නා වු මෙහෙවර විශිෂ්ටයි. මෙවැනි පින්කම් තුළින් ඉදිරියටත් ලෝකයා දැනුවත් කිරීමට ඔබවහන්සේට දිරිය,ශක්තිය ලැබේවා! ඔබවහන්සේ කරන මේ පින්කම් වල ආනුභාවයෙන් ඔබවහන්සේ හට නිදුක් නිරෝගිභාවයත් දීර්ඝායුෂත් ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
වනිගසේකර Friday, 11 September 2015 08:27 AM
ගොඩක් පින් ඇති වැඩක් (අ)
සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 05:17 PM
සාධු සාධු!! තවත් වර්ධනය වේවා!! (නි)
රොහාන් දයාදර පැරිස් Thursday, 10 September 2015 08:43 AM
සාදු.සාදු .සාදු ...(අ)
ඉෆ්රාන් Thursday, 10 September 2015 09:04 AM
ලංකාවට ආඩම්බරයි. (අ)
සුනිල් Thursday, 10 September 2015 07:08 PM
සාධු සාධු සාධු!!! (නි)
බණ්ඩාර Friday, 11 September 2015 11:40 AM
බුදුසරණයි සාදු සාද්... (අ)