පැරිස් නුවරට එල්ලවූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බෙල්ජියමේ බ්‍රස්ල්ස් නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි ද ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ඉහළම සූදානමකින් පසුවන බවද බෙල්ජියම් අගමැති චාල්ස් මිචෙල් කියයි.

විශ්ව විද්‍යාල, පාසල් හා ප්‍රධාන ආයතන සියල්ලක් තවමත් වසා දමා ඇතැයි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියි.

බ්‍රස්ල්ස් නගරයේ සෑම ස්ථානයකම ආරක්ෂාවට හමුදා බට කණ්ඩායම් මුර සංචාරයේ යොදවා ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

පැරිස් ප්‍රහාරයෙන් පසු එහි ප්‍රධාන සැකකරු සලා අබ්දෙ සලාම් මිය යන තෙක්  සෑම සති අන්තයකම බ්‍රසල්ස්හි සියලු කටයුතු අත්හිටුවා තිබුණු බව බීබීසී පුවත් සේවය පවසයි.

web_20151123belgium6820776