පැරිස් ප්‍රහාරයේ සැකකරුවකු යැයි කියන සලාහ් අබ්දෙස්ලාම් (26) නම් තරුණයකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ප්‍රංශයට බාර දී තිබේ.
2015 නොවැම්බර් 13 දින එල්ලවූ පැරිස් ප්‍රහාරයෙන් 130කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වූහ.
එම ප්‍රහාරයට අබ්දෙස්ලාම් ගේ සහෝදරයා සම්බන්ධ වී ඇති අතර ඒ හේතුවෙන් මොහු බෙල්ජියමේ සැගවී සිටි බව කියති.
මාර්තු මස 18 වැනිදා මොහු බෙල්ජියමේ බ්‍රසල් හි දී අත්අඩංගුවට ගෙන ඇති අතර හෙලිකොප්ටර් යානයකින් ප්‍රංශ දේශ සිමා වෙත ගෙනවිත් අදාල බලධාරීන්ට භාර දී තිබේ.
ඔහු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව එරට බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd