පැරීසියේ සිදුවූ ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හදුනා ගෙන ඇති ඬේඒස් ත‍්‍රස්තවාදි කණ්ඩායමේ මස් වැද්දා ලෙස හදුන්වන බෙල්ජියම් ජාතික අබ්ඩෙල් හමීඞ් අබයුඞ් බදාදා ප‍්‍රංශ පොලිස් කමාන්ඩෝ කළ මෙහෙයුමේදි මිය ගොස් ඇති බව ප‍්‍රංශ වේලාවෙන් සවස 14.50ට ප‍්‍රංශ අගමැති මැනුවෙල් වාස් පාර්ලිමේන්තුවේදි නිවේදනය කළේය.
නිවේදනයෙන් පසු ප‍්‍රංශ පාර්ලිමේන්තුව අත් පොලසන් හඬීන් ගිගුම් දුන්නේය.
බදාදා කළ සෝදිසි මෙහෙයුම සිකුරාදා ප‍්‍රහාරයට ලක්වූ බැටැක්ලැන් ශාලාව ඉදිරිපස කුනු කූඩයක තිබූ ජංගම දුරකථනයක තොරතුරු ඔස්සේ සිදුවිය. එම මෙහෙයුමෙන් පිරිමි 7 ක් හා කාන්තාවක් ලෙස 8 දෙනකු අත් අඩංගුවට ගැනුණු අතර පිරිමියකු හා ගැහැණියක් මරුමුවට පත්වුහ. මියගිය කාන්තාව පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිය දිවිහානි කර ගත් අතර හස්නා අයිට්බුලාහාචෙන් ලෙසින් ඇය හදුනා ගෙන ඇත. ඇය 1989දී පැරීසියට නුදුරින් පිහිටි කිලිචී ලා ගැරොන් හී උපත ලබා ඇත්තේය. මියගිය අනෙකා අබ්ඩෙල් හමීඞ් අබයුඞ් ලෙස හඳුනා ගෙන ඇත.
පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරුගේ පෙම්වතිය වන ඇය සිරියාවේදි ත‍්‍රස්ත පුහුණුවීම් ලැබු තැනැත්තියකි. ඔවුන් සියලූ දෙනා ප‍්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට හෝ පැරීසියේ වානිජ නගරය වන පුංචි නිව්යෝර්ක් ලෙස හදුන්වන ලා ඩිෆෝන්ස් හී ප‍්‍රහාරයන් සිදුකිරීමට සුදානමින් සිටි බව ප‍්‍රංශ රහස් තොරතුරු පවසයි.
කෙසේ නමුදු සිරියාවේ සිටින බව පුන පුනා පැවසූ අබ්ඩෙල් හමීඞ් අබයුඩ් ප‍්‍රංශයට පැමිණියේ කෙසේද යන්න ප‍්‍රංශ ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරමින් සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අපායෙම ඉපදේවා.(හේ)
හොද වැඩේ.(හේ)
හොද වැඩේ.(හේ)
මෙවන් උන්මත්තකයින්ට උණ්ඩ එන්නත් කල යුතුය.(ස)
ප්‍රබාකරන් මැරුණහම අපිටත් ඔයවගේ සතුටක් දැනුනා (බ)
ආගම ආයුදයක් කරගෙන මෙවැනි වැඩ කරන තිරිසනුන් අතුගා දැමිය යුතුයි. කිසිම ආගමක් වෙන කෙනෙකුට හිංසා කරන්න උපදෙස් දීල නැහැ (බ)
ලස්සන ගෑණු ළමයෙක් හිත කොහොම ගල් වූනාද මන්දා.සත්තිකුම්භ ජාතකය මතක්වුනා (ස)
පොලිසිය පහරදෙන අවස්ථාවේ බියගුළු ලෙස, බෝම්බ කබාය පුපුරවාගෙන දිවි හානිකරගත් ගැහැණිය ගැන කතාකරනවිට ප්‍රංශ රූපවාහිනී නාලිකා, ශ්‍රී ලංකාවේ කලකට පෙර බෝම්බ කබා, බෝම්බ පටි පිහිටෙන් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන්ගේ කටයුතු ගැනත් කීමට අමතක කළේ නැහැ. කෙසේවුවත් උත්සව සමය අතළඟ එන මේ මොහොතේ මහජනයා පොලිසිය සහ රජය ගත් තීරණ නිසා බියක් සැකක් නොමැතිව එදිනෙදා කටයුතු වල යෙදෙමින් සිටිනවා. (නි)
අපි ඔබට ස්තූතිවන්ත වනවා එසැණින් ඉක්මනින් අපට තොරතුරු සපයනවාට (නි)
සතුටුදායක ආරංචියක්. හැබැයි අපිට ත්‍රස්තවාදීන් ගහනකොට ප්‍රංශය මොකුත් කීවුවේ නැහැ නේද? (නි)
සුනිල් මල්ලි සත්ති කුම්භ ජාතකය පොඩ්ඩක් මතක් කරන්න බැරිද ? පාඨකයාගේ දැන ගැනීම පිණිස කරන පිංකමක් . (ස)
අත්අඩංගුවෙන් පැනලා යන්න හදන්න ඇති. කොහොම වුණත් අපි නම් කියන්නේ මේක ජිනීවා අරන් යන්න ඕනෑ (නි)