පැරිස් ප්‍රහාරයේ තවත් සැකකරුවකු වන මොහොමඩ් අබ්රිනි බෙල්ජියමේදී අත්අඩංගුව ගත් බව බීබීසී පුවත් සේවය පවසයි.

අබ්රිනි බ්‍රසල්ස්හි ගුවන්තොටුපළ ප්‍රහාරයේ තුන්වන බෝම්බකරු ලෙසද හඳුනාගෙන තිබූ අතර පරීක්ෂකයන් ඔහු සම්බන්ධයෙන් ඇස ගසා සිටි අවස්ථාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇතැයි කියති.

නොවැම්බර් 13 වැනිදා පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 130ක් පමණ මියගිය අතර බ්‍රස්ල්හි ප්‍රහාරයෙන් 30 දෙනකු මියගියහ.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් සැකකරුවකු වන ඔසාමා කේ පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත්වූ අතරඩ බෙල්ජියම් මාධ්‍ය වාර්තා කළේ එරට ඉස්ලාමීය සංවිධානයට සම්බන්ධ 6 වැනි සැකකරු අබ්රිනි බවයි.