ප්‍රංශයේ පැරිස් නුවර මැයි දින පෙළපාළි පැවැත්වෙන අතරතුර කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදුණු 200ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගත් බව පැරිස් පොලිසිය පවසයි.
මොවුන් මුහුණු ආවරණය කරගෙන සිටි බවත් වෙළඳසල් වල වීදුරු බිඳිමින් හා වාහන ගිනි තබමින් කළහකාරීව හැසිරුණු බවත් පැවසේ.
කම්කරු සංගමය විසින් සංවිධානය කර තිබූ මැයි දින පෙළපාළියට මුහුණු හා හිස ආවරණය කරගත් 1200ක පමණ විරෝධතාකරුවන් පිරිසක් පැමිණ ඇත.
සිද්ධියෙන් පොලිස් නිලධාරියකු ඇතුළු හතරදෙනකු තුවාල ලබා ඇති අතර පෙළපාළිකරුවන් විසිරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බව පොලිසිය පවසයි.
(බීබිසී ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් මෙහෙ වගේමයි....
ජවිපය සහ අයි.යූ.එස්.එෆ්. සහභාගී විය යුතුමයි.
ෂුවර් එකටම ලංකාවේ නිව්ස් බලනවා
එහෙත් එහෙමයි.