පැරිස් නුවර ජේතවනාරාමයේ වෙසක් පිංකම විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගගස්යායේ ඥාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි වියට්නාම, කාම්බෝජ, සහ චීන ජාතික විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් සිදුවිය.
පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම නාහිමි උඩුවේ ධම්මාලෝක, අමුණුමුල්ලේ ජිනරතන, මහගම සුනීත, ඔලිදලුවේ සුභූති, ලන්ඩන් නුවර ශ්‍රී සද්ධතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී ගලයායේ ධම්මදස්සි සහ බුරුම ජාතික කුමාර හිමිවරු ද ඊට සහභාගී වුහ.
දවස පුරාම බුද්ධ වන්දනා, බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සමඟ දාන, සීල, භාවනා වැඩසටහන් ද පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම තෙරුවන් සරණයි!(හේ)
බුද්ද රුපයට පිටුප සිටීම හොද නැහැ (කේ)
හොඳ වැඩක්. අගය කරන ගමන් පුංචි අඩුපාඩුවක් පෙන්වන්නම්. කරුණාකරලා බුදු පිළිමයට පිටුපාලා ඡායාරූප ගන්න එපා. තෙරුවන් සරණයි! (නි)
කියල වැඩක් නෑ ටොප් (නදී)
අපි ලෝකයේ මොන රටක හිටියත් අපේ රටේ වෙසක් පොහෝ දිනය අමතක නොකරන එක බොහොම හොඳ ක්‍රියාවක්. මේ උතුම් තෙමඟුල් පිංකම සංවිධානය කළ අයට ගොඩක් පින්. (නි)