මම සුදුස්සෙකුද? යන්න තීරණය කළ යුත්තේ ; මා ගැන සිතා විනා මගේ තාත්තා කවුද යැයි සිතා නොවේ. කෙසේ නමුත් ප්‍රංශයේ හිටපු ජනපති මිතොරොන්ග් මගේ පියාය.
ඉපැදුන දා සිට මම හැදුනේ වැඩුණේ මගේ මව ළඟයි. මම හය වතාවක් මගේ තාත්තා මුණගැසි තිබෙනවා. මගේ අම්මට අවශ්‍ය වුණා මගේ පියා කවුදැයි රහසක් ලෙස තබා ගැනීමට හේතුව ඇය ඔහුට අසීමිත ලෙස ආදරය කළ නිසාය.
සැප්තැම්බර් මස පවත්වන මැතිවරණයට ඉදිරිපත්වී සිටින වයස අවු:25ක් වයැසැති එම පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයෙක් වන හර්වන් තෝමස් ක‍්‍රිස්ටියන් පේ‍්‍රශ්නේ තරුණ අපේක්ෂකයා විසින් පසුගියදා ස්වීඩනයේ දිනපතා පළවන කුන්ග්ස් බැක්ෆෝස්ටන් පුවත් පත සමග ඉහත ප‍්‍රකාශය කළේය.
නිමේෂයකින් එම ප‍්‍රකාශය ලෝක ජනමාධ්‍ය පිටු සැරසූ සුවිශේෂි ප‍්‍රවෘත්තියක් බවට පත් වුයේය. ඒ සමගම ප‍්‍රංශයේ හිටපු ජනාධිපති ප‍්‍රංශූවා මිතොරොන්ග් ජනාධිපතිගේ තවත් පේ‍්‍රම කථාවක් කරලියට පැමිණියේය.
වර්තමාන ස්වීඩනයේ දේශපාලන පරිසරයේ පාලක පක්ෂයට ඊළග මැතිවරණය අවාසි සහගත තත්වයක් ඇතිවී තිබුණද හර්වන් ක‍්‍රිස්ටියන් පේ‍්‍රශ්නේ තරුණයා අනාගතයේ ස්වීඞීන අගමැති කම දක්වා ගමන් කිරීමට පාර කපා ඇත්තේය.
ප‍්‍රංශයේ සමාජවාදි පක්ෂයේ නිර්මාතෘ හා එහි ප‍්‍රථම ජනාධිපති ප‍්‍රංශූවා මිතොරොන්ග් අනූව දශකය දක්වා ලෝක නායකයන් අතර සුවිශේෂි ස්ථානයක සිටියේය.
1996 දී මිය ගියේය.
ඔහුගේ මව ක‍්‍රිස්ටිනා වයස අවු: 66ක්වූ ස්විඞීන ජාතික මාධ්‍යවේදිනියක් හා ලේඛිකාවකි. ඇය ස්වීඩින ජාතික පුවත් පතක් වූ ඇෆ්ටොන්බ‍්‍රැලැඩෙට් හා ජාතික රූපවාහිනියේ වාර්තාකාරිනියක ලෙස 1979 සිට පැරීසියේ සේවය කර ඇත්තේය. 1979 දී ස්විඩනයේ අග නගරය වන ස්ටොක්හෝලම් හී පැවැති යුරෝපයේ සමාජවාදීන්ගේ අන්තර් ජාතික සමුළුව වාර්තා කිරීමට මාධ්‍යවේදිනියක් ලෙස සහභාගි වුවාය.
ප‍්‍රංශුවා මිතොරොන්ග් ඇයට හමුවන්නේ මෙම සමුළුවේදීය. එකල්හි මිතොරොන්ග්ගේ වයස අවුරුදු 62කි. ඇගේ වයස අවුරුදු 31කි. ඔවුන්ගේ ප‍්‍රථම ආදර මාවත එළිපෙහෙළි වන්නේ එදිනය.
ඇය ඔහු සමග පුවත් පත් සාකච්ඡාවක් පවත්වා ඇත. දේශපාලන ප‍්‍රශ්න ගනණාවක් අතර තුර ඔහු ඇගෙන් මෙසේ ප‍්‍රශ්න කර ඇත්තේය. දේශපාලනයට අමතරව ජීවිතය ගැන ඇසීමට ඔබ ළඟ ප‍්‍රශ්න නැතිදැයි මිතොරොන්ග් ඇගෙන් ඇසුවේය. සම්මුඛ සාකච්ඡාවේ හැරවුම් හා ආදරයේ ඇරඹුම් ලක්ෂය ඇරඹෙන්නේ එම මොහොතේදීය.
ජනාධිපති වරණය පැවැති 1981 මැයි 10 වැනිදා උදේ විනාඩි 20ක් පමණ ඇය සමග දුරකථනයෙන් ආදර බස් තෙපලූ ප‍්‍රංශුවා මිතොරොන්ග් ””අද සවස මම විශ‍්‍රාම ගන්නේ යැයි ”” පවසා දුරකථනය නිසල කොට ඇත.
ඒ බව ඈ විසින් රචිත එක් පොතක සටහන් තබා ඇත්තේය. 1981 එදින සවස ප‍්‍රංශුවා මිතොරොන්ග් ප‍්‍රංශයේ ජනාධිපති වරණය ජයගෙන ජනාධිපති වුයේය. 1988 නොවැම්බර් මස පැරීසියට නුදුරු නුයි නගරයේදි මාධ්‍යවේදිනී ක‍්‍රිස්ටිනා පේ‍්‍රශ්නේ ඉහත එකම පිරිමි දරුවා හර්වන් තෝමස් ක‍්‍රිස්ටියන් පේ‍්‍රශ්නේ මෙලොවට බිහි විය.
මිතොරොන්ග් ජනාධිපතිවරයා 1996දි මිය යන තුරු එම දරුවාගේ පියා ඔහු බව රහසක් ලෙස රැක ගත්තේය. ඒ ඔහුගේ රාජ්‍ය තනතුර ආරක්ෂා කිරීමේ ආදරය මුසුකළ අවංක චේතනාවෙන් බව අනුමාන කිරීම නිවැරදි නොවේ. ඔහුගේ ආදරවන්තියෝ සියල්ලෝම එසේය. ඔවුහු ඔහුට වෛර නොකළහ. ආදරයම කළහ.
වසර 14ක් ප‍්‍රංශය පාලනය කල ප‍්‍රංශුවා මිතොරොන්ග් ජනාධිපති සාමාන්‍ය ජීවිතයේ දී ද ආදරවන්තයෙකි. මාධ්‍යවේදිනියන්ට ඔහු බෙහෝ ලෙස ඇළුම් කළේය. ඔහුගේ අනෙක් පෙම්වතිය වූ ඈන් පැන්ජෝ ඔහුට දාව දියණියක බිහි කළාය. මැෂරීන් ඔහුගේ අවසන් ගමනට එක්වී සිටියාය.
ඊට සති දෙකකට පෙර ඔහු ඊජිප්තුවේ ගත කළ අවසන් නිවාඩුවට ද චාරිකාව ගත කළේද මැෂරීන් එක් වුවාය. මොවුන්ගේ පේ‍්‍රම කථාව ජනතාව අතරට පැමිණියේ එම අවමංගල්‍ය උත්සවයත් සමගය.
අද ස්වීඩනයේ ඊලඟ ජාතික මැතිවරණය ප‍්‍රධාන කොට ඔහුගේ අනෙක් ආදර කතන්දරයද ජනතාව අතරට පැමිණ ඇත්තේය. ඔහුගේ ධූර කාලයේදී තම නීත්‍යනුකූල බිරිඳ වූ මියගිය ඩැනියෙල් මිතොරොන්ග් සමග ප‍්‍රංශ ජනාධිපති මැදුර වූ එළිසේ පැලස්හී ජීවත් වෙමින් ඉහත ආදරවන්තියන් සමග ආදරය බෙදාහදාගෙන ජීවත්වූ බවට සාක්කි එමටය.
ඔවුන් සියලූ දෙනා බෙහෝ විට ජීවත්වී ඇත්තේ ජනාධිපති මැදුරට විනාඩි 10ක ඇවිදින දුර ප‍්‍රමාණයේ නිවෙස් වල වීමත් ; ඉහත සාක්ෂි සනාථ කරමින් ජනාධිපති ආදරවන්තියක් වූ ස්වීඩන ජාතික ක‍්‍රිස්ටිනා පේ‍්‍රශ්නේ මහත්මිය විසින් රචිත ඔහුගේ ජීවිතය හා ඔවුන්ගේ ආදර කථාව අළලා ලේඛන ගත කොට ඇති පොත් දෙකක සවිස්තරව සදහන් කර ඇත්තේය. ඇගේ හෙළිකිරීම් වලට අනුව ජනාධිපතිගේ ආදරවන්තියෝ එකිනෙකා හඳුනා නොගත්තද, ඔවුනොවුන්ගේ ආදර බැදුම සියලූ දෙනා දැනගෙන සිටි බවත්, එසේ වුවද කිසි දිනක ඔවුන් අතර ආරවුල් ඇති නොවු බව විශේෂයෙන් සදහන් කොට ඇත්තේය.
එලෙසම එම කාන්තාවන් ඔහු අපකිර්තියට පත් කළේද නැත. මිතොරොන්ග් වසර 17කට පසු බලයට පත් වර්තමාන පාලක සමාජවාදි පක්ෂයේ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ගැන ආදරවන්තියන් තිදෙනෙකු වටා ගෙතුනු රහසක් නොවූ පේ‍්‍රම කාථාවන් මුළු ලෝකය පුරාවට දෝංකාර දී ඇත්තේය. ඔහුගේ ආදරවන්තියෝද මාධ්‍යවේදිනියෝ හා නිළියෝය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකප්‍රසිද්ධ ජනාධිපතිවරයෙකුගේ ලෙයින් බිහිවූ 26 හැවිරිදි ක්‍රිස්ටියන් ප්‍රේශ්නේ ගේ කඩවසම් භාවය හා ඔහුගේ පළමු කියමනෙන්ම ජනතාවගේ හදවත් ඔහු කෙරෙහි ඇද ගන්නා සුළුය !මගේ විස්වාසය නම් ඔහු දැනටමත් ජයග්‍රහණය කර ඇති බවයි!(දිල්)
අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
රොකී මහතාණනි, එම ඉතිහාසයට අනුව කොන්රඩ් ගෙන් තමයි 1945 ආරම්භ වෙන්නේ (නදී)
අලුත් ආරංචියක් මේක නම් (නි)
මෙහෙ පවතින සමාජයේ හැටියට ඒ වගේ පුද්ගලික දේවල් පස්සේ කව්රුවත් වැඩිය එළවන්නේ නැහැ. (නි)
අපේ දු පුත්තු නම් ඉතින් ඕකේ අනිත් පැත්තනේ (නි)
බලාගෙන යන කොට ලෝකයේ සෑම රට වලම මේවා ඉහල පැලැන්තියේ අයගේ ජිවිත වල සාමාන්‍ය දේවල් වගේනේ (දී)
යුරෝපා සංගමය බිහිවුණේ 1992 මාස්ට්‍රිච්ට් ගිවිසුමට පසුවයි. යුරෝ මුදල් භාවිතයට ආවේ එම ගිවිසුමෙන් ඇතිවූ එකඟතාවය මතයි. (නි)
සේරම් පැරිස් වැනි අය ගැළපෙන්නේ පැරිසියට නොව ඉතාලියේ නාපොලි නගරයටයි. (නි)
පුද්ගලික ජීවිතය කෙසේ උනත් ප්‍රංශයට මේ තාක් කාලයක බිහිවූ හොඳම නායකයා , ඔහු නොසිටින්ට අද යුරෝපා සංගමය නැහැ (දී)
මේවා ලොකුවට ගන්න දෙයක් නෙමේ (දී)
සේරම් පැරිස් ලියල තියෙන්නේ බොරු. යුරෝපා සංගමය ඇති කලේ බොහෝ කලින්. (දී)
ප්‍රේම් මහතාණනි, මෙය බලන්න. මෙහි යුරෝපා සංගමය ඇතිවු කාලයත් අද වනවිට විස්තරත් ඇතුළත් http://europa.eu/about-eu/eu-history/index_en.htm (නි)
බොහෝ දෙනෙකු තමාගේ උපන් රටවත් නොදැන, අනුන්ගේ රටවල විස්තර සොයනවා. සමහරු සත්‍යය සහ සමහරු බොරු දෙසාබානවා (නි)
අර කීව වගේ ඕව ඔච්චර ගණන් ගන්න එපා.(ස)
මෙතන බහුතරය ප්‍රතිචාර දමන්නේ තමන් උගත්බව පෙන්වීමට යැයි සිතේ (නි)
කිර්ති, මම යුරෝපයේ ජීවත්වන්නේ. 1976 සිට යුරෝපා සංගමය තිබුනා. අද තරම් රටවල් එයට තිබුනේ නැහැ. යුරෝ මුදල් භාවිතා කළේ නැහැ (නි)
නීල් ඔයා දන්නා දෙයක් නැහැ ;සේරම් මහතා නිවැරිදිය ලංකාවේ රොබට් ගුණවර්ධන මහතා සහ මිත්රෝන් එකම විශ්ව විද්‍යාලයේ දෙස පාලනය හැදෑරුවේ එක්දහස් නමසිය පනස් ගණන් වල අන්න ඒ වකවානුවේ තමා මේ අදහස ඉදිරිපත් කලේ (ස)
විෂයෙන් පිට පැනල මම මේ ප්‍රතිචාරය දමන්නේ , සේරම් පැරිස් මහතා නිසා , යුරෝපා සංගමයේ මුල දෙවෙනි ලෝක යුද්දය අවසානයත් සමග 1945 බිහිවූ දෙයක් , බෙල්ජියම , ඉතාලිය , ප්‍රන්සය,ජර්මනිය නෙදර්ලන්තය (ඕලන්දය ) ලක්සම්බර්ග් යන රටවල් 6 ය වෙඩි විස්තර අවශ්‍ය නම් ලියන්න (ස)
රොකී කියන පුද්ගලයා මේකේ ප්‍රතිචාර දමන්නේ කුඩු ගහල ඇවිත් වගේ. එයාම දන්නේ නැහැ එයා ලියන්නේ මොනවද කියාලාා. එනිසා ඕවා ලොකුවට සිතන්න එපා (නදී)
මේ මහත්තයා නිතරම ලංකාවෙන් වැල්පෙනෙල ගෙන්නාගෙන පාවිච්චි කලාලු.(ස)
ගාමිණී වියන්ගොඩ ඔබ නියම පිළිතුර දීල තිබෙනවා (අ)
දිවංගත ජනපති වන ප්‍රංශයේ විසි එක්වැනි ජනපතිවරයාගෙන් රටට සිදුවුණ සේවාව අදටත් ජනතාව සිහිකරන්නේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුවය (නි)
ඔක්කොම හිස්බස් දොඩවනවා (අ)
බලනකොට කොයි රටෙත් දේශපාලකයින් එකයි. බලයට එන්න ඕනෑම දෙයක් කරන්න එයාලා සූදානම්. අම්මා රැකි රහස පුතා එළිදරවු කළ එක හොඳ වැඩක් නොවෙයිනේ. (නි)
හේවාවිතාරණ මහතාට පැටලිලා වාගෙයි. ලියන්න පෙර අන්තර්ජාලයෙන් පොඩ්ඩක් සොයාබලන්න (නි)
විදේශිකයන් බොහොමයක් මොහුට ණයගැතිය (නි)
නිකොලා , මාත් ඒ කතාව විශ්වාස කරනවා. (නි)
ඔබ හරි වියන්ගොඩ. එ්ත් මේ කාටවත් හෙළ ඉතිහාසය ගැන දැනුමක් නැහැ වගෙයි. යුරෝපා සංගමය කියන එක ආදී කාලේ අපේ මහා රාවනා රජ තුමයි මිසරයේ 2 වැනි අබිලික් පාරාවෝ තුමයි දෙන්නාගේ ප්‍රධානත්වයෙනුයි පිහිටෙව්වේ. එදා එ්කේ මූලස්ථානය තිබුනේ ලග්ගල.(නදී)
රොකී, කරුණාකර ඔබ ඔය තොරතුරු ගත් මුලාශ්‍රය සඳහන් කරන්න! (නි)
පැරිසියේ තියා කොහේ හිටියත් කමක් නැහැ සේරම්. අනෙක් අයට කියලා දෙන්න පළමුව තමන් ඉගෙනගන්න! (නි)