අමෙරිකාවේ ප්‍රමුඛ තාක්ෂණ ආයතනයක් වන ඇපල් සමාගමට ප්‍රංශයෙන් යුරෝ බිලියන 1.1 ක දඩයක් පනවා තිබේ.
මිල පාලනය සඳහා ඇපල් සමාගම සහ එහි තොග අලෙවිකරුවන් දෙදෙනක් සාධාරණ නොවන ගිවිසුමකට එළඹී ඇතැයි අනාවරණය වීම මීට හේතුවයි.
තනි ආයතනයකට එරෙහිව ප්‍රංශය පැනවූ විශාලතම දඩ මුදල මෙය වෙයි.
මේ පිළිබඳ Ebizcuss ආයතනයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඇපල් සමාගමට එරෙහි විමර්ශන 2012 වසරේදී ආරම්භ කර තිබුණි.
2005 වසරේ සිට 2017 වසර දක්වා මෙම අක්‍රමිකතාව සිදුවී ඇතැයි හෙළිවී තිබේ.
ගිවිසුමට සම්බන්ධ අනෙක් තොග වෙළෙඳ ආයතනවලට ද දඩ මුදල් පැනවා ඇත.
ඒ අනුව Tech Data ආයතනයට යුරෝ මිලියන 76 ක මුදලක් සහ Ingram Micro ආයතනයට යුරෝ මිලියන 63 ක දඩු මුදලක් ද පනවා තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ප්‍රංශයෙන් ඇපල් සමාගමට යුරෝ බිලියනයක දඩයක්