දකුණු දිග ප්‍රංශයේ නීස් නුවර වෙරළ ආසන්නයේ පැවැති ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාව වන බැස්ටීල් දින සැමරුමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.
අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය පටවා ගත් ලොරියක් ජනතාව අතරට පැමිණ වෙඩි තැබීම් හා පිපිරවීම් සිදු කොට ඇත.
ප්‍රහාරයෙන් 80 දෙනෙකු මිය ගොස් 100 අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ප්‍රංශ පුවත් වාර්තා කරයි.
ප්‍රංශ ප්‍රහාරයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැති බව තානාපති ආරංචි මාර්ග පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ත්‍රස්‌ත ක්‍රියාව පැරිස් හි වාසය කරන ශ්‍රී ලංකිකයන් තරයේ හෙලා දකිති. ඒ මන්ද යත් මෙවැනි අමිහිරි අත්දැකීම් අපි හොදින් විදදරා ඇති බැවිණි. (ර)
සියලු සත්වයේ මරණයට තැතිගනිති. සියලු සිදුවීම් ආත්මයේ කරුමය හා බැදේ මේ ආත්මයේ කරන, ලියන, කියන, හැසිරෙන ,සිතුම් පැතුම්, මරණ මංචකය කරා ගෙනයාවි. (ර)
අපේ රටෙත් මෙවැනිම අඳුරු යුගයක් තිබුණා දැන් සමහරුන්ට අමතකයි (නි)
තවම මිය ගිය හෝ තුවාලකරුවන් අතර සිටින ජාතින් වර්ග කර නැත. මේ ම්ලේච ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ (නීස් නගරය) නිතරම විදේශිකයන්ගෙන් පිරි වෙරළාසන්න මනරම් නගරයකි. ශ්‍රිලන්කිකයන්ද මේ පළාතේ රැකියා කරන අතර මෙය සිදු වූ දින මුළුමහත් ප්‍රංශ වැසියන් උත්වශ්‍රියෙන් සමරන බැසටිල් දිනයයි. සමහර විට ශ්‍රිලන්කිකයන් ඉන්නට පුළුවන්? (ර)
අපි යුද්දෙන් බැටකාපු අවුරුදු තිහේ කව්රුත් අපි ගැන බැලුවේ නැහැ. ගණන් ගත්තේ නැහැ. අපි එදා වින්ඳ කරදර දැන් ඔයාලටත් තේරෙනවා ඇති නේද? (නි)
මේවා දකිනකොට ලොකු බයක් දැනෙනවා. ඉදිරියේදී ලංකාවෙත් මොන විනාශයක් වෙයිද කාටද කියන්න පුළුවන්. අපේ රටේ ආරක්ෂාව අයිති අපට බව අපේ පාලකයෝ දැන්වත් සිතා බැලිය යුතුයි නේද. මියගිය සියලු දෙනාට මොක්සුව ලැබේවා...! (ර)
මුළු ලෝකෙටම මේක ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන්ම. (ර)
ඉස්සරහට මේ වසංගතය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කවදා මිනිස්සු මේ දේ තේරුම් ගනීවිද? කෑලව මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ ආයුබෝවන්... (ර)
ලාංකිකයන්ට හානියක් නොවීම ගැන සතුටුයි. විපතටපත්වූවන් ගැන දුකයි (නි)
හමුදාවයි ආයුධයි සීමාකරනකොට අපිටත් ආයෙත් ඉස්සර හිටපු තැනට තමා යන්න වෙන්නේ (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
මොන රටක වුණත් මේවායින් වැනසෙන්නේ වටිනා මිනිස් සම්පත නොවේද? (නි)
මෙවැනි ප්‍රහාර අපි තරයේ හෙළාදකිමු (නි)
ශ්රී ලාංකිකයකු වන මා ප්‍රංශයේ වෙසෙමි. වසර 30ක මෙවන් බිහිසුණු බියෙන් තැතිගත් අපි මෙවන් සිදුවීම් තරයේ හෙළාදකිමු (නි)
බය වෙන්න එපා. අපේ රටේ යුද්ධයක් තිබුනේ නැහැනේ. ඒක හින්දා අායේ යුද්ධ එන්නේ නැහැ. පෙර හිටියේත් හොරා කාපු නායකයො විතරයි. (නි)
කිසිම සමාවක් නොදියයුතු සහාසික අපරාදයක් මේක. නමුත් මේ ලැබිලා තිබෙන්නේ තම වාසිය පිණිස අන් රටවල් විනාශ කිරීමේ ප්‍රතිපල. වපුරන දේ අනුව අස්වැන්න නෙලාගන්න වෙන බව දැන්වත් මේ රටවල පාලකයන්ට වැටහේවා. (ර)
සියල්ල අවසානයේ හැමෝටම හැරෙන්න තියෙන්නේ එක පැත්තකටයි, ඒ බුදුන් වදාළ ධර්මය, එහෙත් මනුෂයෝ ඒ දෙසට හැරෙද්දී ධර්මයේ ඉතිරියක් තිබේවිද? (ර)
ශ්රී ලංකාවේ වසර 30 ක් තිබ්බේ ත්‍රස්තවාදයක් මිස යුද්දයක් නොව. නැතහොත්... කැරැල්ලක් වේ. (ර)