IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රංශයට යළි ප්‍රහාරයක් 80 මරුට : ලාංකිකයන්ට හානියක් නෑ

දකුණු දිග ප්‍රංශයේ නීස් නුවර වෙරළ ආසන්නයේ පැවැති ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාව වන බැස්ටීල් දින සැමරුමට  දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය පටවා ගත්  ලොරියක් ජනතාව අතරට පැමිණ  වෙඩි තැබීම් හා පිපිරවීම් සිදු කොට ඇත.

ප්‍රහාරයෙන් 80 දෙනෙකු මිය ගොස් 100 අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ප්‍රංශ පුවත් වාර්තා කරයි.

ප්‍රංශ ප්‍රහාරයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැති බව තානාපති ආරංචි මාර්ග පවසයි.

Image-52

_90392225_pixx _90393957_ac5392d9-5247-420b-a83d-3beab9d69a00 _90394226_francenice4640715



අදහස් (0)

ප්‍රංශයට යළි ප්‍රහාරයක් 80 මරුට : ලාංකිකයන්ට හානියක් නෑ

රොහාන් දයාදර පැරිස් Saturday, 16 July 2016 06:58 AM

මෙම ත්‍රස්‌ත ක්‍රියාව පැරිස් හි වාසය කරන ශ්‍රී ලංකිකයන් තරයේ හෙලා දකිති. ඒ මන්ද යත් මෙවැනි අමිහිරි අත්දැකීම් අපි හොදින් විදදරා ඇති බැවිණි. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 16 July 2016 07:06 AM

සියලු සත්වයේ මරණයට තැතිගනිති. සියලු සිදුවීම් ආත්මයේ කරුමය හා බැදේ මේ ආත්මයේ කරන, ලියන, කියන, හැසිරෙන ,සිතුම් පැතුම්, මරණ මංචකය කරා ගෙනයාවි. (ර)

:       0       0

කෝසල Friday, 15 July 2016 06:06 PM

අපේ රටෙත් මෙවැනිම අඳුරු යුගයක් තිබුණා දැන් සමහරුන්ට අමතකයි (නි)

:       0       0

රණසිංහ Friday, 15 July 2016 08:23 AM

තවම මිය ගිය හෝ තුවාලකරුවන් අතර සිටින ජාතින් වර්ග කර නැත. මේ ම්ලේච ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ (නීස් නගරය) නිතරම විදේශිකයන්ගෙන් පිරි වෙරළාසන්න මනරම් නගරයකි. ශ්‍රිලන්කිකයන්ද මේ පළාතේ රැකියා කරන අතර මෙය සිදු වූ දින මුළුමහත් ප්‍රංශ වැසියන් උත්වශ්‍රියෙන් සමරන බැසටිල් දිනයයි. සමහර විට ශ්‍රිලන්කිකයන් ඉන්නට පුළුවන්? (ර)

:       0       0

චන්න බුවනක Friday, 15 July 2016 06:34 PM

අපි යුද්දෙන් බැටකාපු අවුරුදු තිහේ කව්රුත් අපි ගැන බැලුවේ නැහැ. ගණන් ගත්තේ නැහැ. අපි එදා වින්ඳ කරදර දැන් ඔයාලටත් තේරෙනවා ඇති නේද? (නි)

:       0       0

රජින්ද Friday, 15 July 2016 09:32 AM

මේවා දකිනකොට ලොකු බයක් දැනෙනවා. ඉදිරියේදී ලංකාවෙත් මොන විනාශයක් වෙයිද කාටද කියන්න පුළුවන්. අපේ රටේ ආරක්ෂාව අයිති අපට බව අපේ පාලකයෝ දැන්වත් සිතා බැලිය යුතුයි නේද. මියගිය සියලු දෙනාට මොක්සුව ලැබේවා...! (ර)

:       0       0

හිරාන් Friday, 15 July 2016 10:08 AM

මුළු ලෝකෙටම මේක ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන්ම. (ර)

:       0       0

සුදේශ් Friday, 15 July 2016 11:38 AM

ඉස්සරහට මේ වසංගතය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කවදා මිනිස්සු මේ දේ තේරුම් ගනීවිද? කෑලව මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ ආයුබෝවන්... (ර)

:       0       0

ගයාන් Friday, 15 July 2016 12:30 PM

ලාංකිකයන්ට හානියක් නොවීම ගැන සතුටුයි. විපතටපත්වූවන් ගැන දුකයි (නි)

:       0       0

අධිකාරී Friday, 15 July 2016 12:48 PM

හමුදාවයි ආයුධයි සීමාකරනකොට අපිටත් ආයෙත් ඉස්සර හිටපු තැනට තමා යන්න වෙන්නේ (නි)

:       0       0

බටගල Friday, 15 July 2016 12:55 PM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

රජිත් Friday, 15 July 2016 12:55 PM

මොන රටක වුණත් මේවායින් වැනසෙන්නේ වටිනා මිනිස් සම්පත නොවේද? (නි)

:       0       0

නන්දපාල Friday, 15 July 2016 12:55 PM

මෙවැනි ප්‍රහාර අපි තරයේ හෙළාදකිමු (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 15 July 2016 02:19 PM

ශ්‍රී ලාංකිකයකු වන මා ප්‍රංශයේ වෙසෙමි. වසර 30ක මෙවන් බිහිසුණු බියෙන් තැතිගත් අපි මෙවන් සිදුවීම් තරයේ හෙළාදකිමු (නි)

:       0       0

සමන් මිනුවන්ගොඩ Friday, 15 July 2016 03:10 PM

බය වෙන්න එපා. අපේ රටේ යුද්ධයක් තිබුනේ නැහැනේ. ඒක හින්දා අායේ යුද්ධ එන්නේ නැහැ. පෙර හිටියේත් හොරා කාපු නායකයො විතරයි. (නි)

:       0       0

හේමන්ත Saturday, 16 July 2016 05:41 AM

කිසිම සමාවක් නොදියයුතු සහාසික අපරාදයක් මේක. නමුත් මේ ලැබිලා තිබෙන්නේ තම වාසිය පිණිස අන් රටවල් විනාශ කිරීමේ ප්‍රතිපල. වපුරන දේ අනුව අස්වැන්න නෙලාගන්න වෙන බව දැන්වත් මේ රටවල පාලකයන්ට වැටහේවා. (ර)

:       0       0

ගුනේ Saturday, 16 July 2016 06:26 AM

සියල්ල අවසානයේ හැමෝටම හැරෙන්න තියෙන්නේ එක පැත්තකටයි, ඒ බුදුන් වදාළ ධර්මය, එහෙත් මනුෂයෝ ඒ දෙසට හැරෙද්දී ධර්මයේ ඉතිරියක් තිබේවිද? (ර)

:       0       0

අල්විස් පැරිස් Saturday, 16 July 2016 06:49 AM

ශ්‍රී ලංකාවේ වසර 30 ක් තිබ්බේ ත්‍රස්තවාදයක් මිස යුද්දයක් නොව. නැතහොත්... කැරැල්ලක් වේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 588 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1708 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site