IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රංශයේ සැබෑ නායකයෙක් සමුගනී

හිටපු අගමැති ප‍්‍රංශ සමාජවාදී පක්ෂයේ නායක මිචෙල් රොකා (85) මිය ගියේය.

1981 ජනාධිපතිවරනයේදි ප‍්‍රංශයේ සමාජවාදි පක්ෂය ප‍්‍රථම වතාවට ජය ගත්තේය. නැසී ගිය ප‍්‍රංශුවා මිතොරොන්ග් මහතා 21 වෙනි ජනාධිපති ලෙස වසර 7කට ජනාධිපති වුයේය. ඉන්පසු 1988දී පැවැත්වූ ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනයද ප‍්‍රංශ සමාජවාදි පක්ෂය ජයගත් අතර නව රජයේ අගමැති ධූරය මිචෙල් රොකා මහතාට හිමි වුයේය.    

රාජ්‍ය කලමණාකරණය හා මුදල් පිළිබඳ පැරීසියේ උසස් විද්‍යා පීඨයන්හී උපාධි හිමි කර ගත් ඔහු උසස් අධ්‍යාපනයෙන් පසු ජේෂ්ඨ සිවිල් නිලධාරියෙකු ලෙස ප‍්‍රංශ රාජ්‍ය පරිපාලනයට එක් විය. දක්ෂිණාංශික පක්ෂයේ හිටපු ජනාධිපති ජැක් සිරාක් සමඟ ඉහත විද්‍යා පීඨයේ සමකාලීන මිතුරන් වන ඔවුන් දේශපාලන වශයෙන් ප‍්‍රතිවිරුද්ධ මත දැරුවෝය. එසේ වුවද ඔවුහු මිතුරෝය.

1949දී දේශපාලන දිවිය අරඹන මිචෙල් රොකා මහතා ප‍්‍රථමයෙන් ප‍්‍රංශයේ ජාත්‍යයන්තර කම්කරු සංවිධානයට එක් විය. ලියෝන් බ්ලූම් විසින් ආරම්භ කැරුණු ඉහත සංවිධානය ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ මුල් බීජය ලෙස සැලකේ. වාමාංශික වෘත්තිය සමිති හා වෙනත් වාමංශික කණ්ඩායම් එකතු කොට මෙම සංවිධානය හා එක් වන රොකා එතැන් සිට විවිධ වාමාංශික දේශපාලන න්‍යායන් ප‍්‍රමුඛ විශේෂයෙන් මාක්ස්වාදය පෙරටු කොට ක‍්‍රියාත්මක විය. 1974 දී ‘රතු රෝස මල‘ ලාංඡනය වූ ප‍්‍රංශුවා මිතොරොන්ග් ප‍්‍රමුඛ ප‍්‍රංශ සමාජවාදි පක්ෂයට එක් විය. ඔහු දැනට පාලන බලයේ සිටින ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ ප‍්‍රබලම පුරෝගාමියෙක් වුයේය. ඒ හෙයින් ඔහු එම පක්ෂයේ ජනප‍්‍රිය දේශපාලන චරිතයක් වූ අතර මිතොරොන්ග් වාදියෝ හා රොකා වාදියෝ පක්ෂයේ බලවත් කොටස් දෙකක් හිමිකර ගත්හ. ප‍්‍රංශුවා මිතොරොන්ග් හා මිචෙල් රොකා අතර විවිධ දේශපාලන මතබේද තිබුණි. එබැවින් ඔහු මිතොරොන්ග්ගේ විරුද්ධවාදියා ලෙසද සැලැකිණි. එසේ නමුදු ඔවුන් දෙදෙනාම  පක්ෂයේ ජනප‍්‍රිය මෙන්ම ප‍්‍රධානියෝ ද වුහ.

1981 ජනාධිපතිවරනයට පක්ෂයේ අපේක්ෂකත්වය අයැදුම් කොට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අවසානයේ අයදුම්පත ඉල්ලා අස්කර ගනිමින් මිතොරොන්ගේ ජයග‍්‍රහණයට සහයෝගය දුන්නේය. නගරාධිපති, මන්ත‍්‍රී, ඇමති, අගමැති, සෙනෙට් මන්ත්‍රී ආදි තනතුරු දැරූ ඔහු යුරෝපා පාර්ළිමේන්තුවේ ද මන්ත‍්‍රී වරයෙක් විය. ඔහු එහි උපදේශක වරයෙක් ද විය. සාර්කෝසි  ජනාධිපති සමයේ උත්ත‍්‍රර ධ‍්‍රැවයට සම්බන්ධ ආක්ටික් හා ඇන්ටාක්ටිකාවේ හී අධික උෂ්ණත්වය හේතු කොට දැනට සිදුවන දේශගුණික පරිසර හානි ගැන පර්යේක්ෂණ සිදු කරන ලෝක විද්වතුන් ඇතුළත් කොමිසමේ ප‍්‍රංශයේ විශේෂ නියෝýතයෙක් ලෙස සාර්කෝසි හිටපු ජනාධිපති මිචෙල් රොකා මහතා පත් කළේය.

කිසිම ආදායමක් නොමැති කෙනෙකුට ජීවත් වීම සඳහා ප‍්‍රංශ රජයෙන් ලබා දෙන සහානාධාර මුදල, යුරෝ 525 (රැපියල් 84612.95) කි. වැඩ කරන සියලූම ජනතාවගෙන් සුළු බද්දක් අය කිරීම, දේශපාලන පක්ෂයක් මැතිවරණයකට වියදම් කරන මුදල හා ඊට රජයෙන් ලැබෙන මුදල එකතුව මැතිවරනයකදී වියදම් කළ හැකි උපරිමය සඳහා නීති සම්පාදනය කිරීම ආදි ජාතික පියවර  අගමැති සමයේ ඔහු විසින් පැනැ වූ නීති අතර වෙයි. ප‍්‍රංශයට අයත් නව කැලොඩෝනියාවේ පැවැති සිවිල් යුද්ධය නිමා කොට රටට සාමය ගෙන ඒමට ඔහු ප‍්‍රමුඛ වූයේය. කොමියුනිස්ට් ක‍්‍රමයට විරුද්ධ මත දැරූ ඔහු තෙවරක් විවාහ වීය. ඔහු සිවු දරු පියෙකි. වර්තමාන ප‍්‍රංශ අගමැතිගේ ප‍්‍රධාන උපදේශකවරයෙකු වන ලොයික් රොකා ඔහුගේ එක් පුත‍්‍රයෙකි. ඔහු ප‍්‍රංශයේ හා ඇමෙරිකාවේ උසස් උපාධි හිමි කරගත් සිවිල් ඉංýනේරුවෙකි.

වර්තමාන ප‍්‍රංශ අගමැති දේශපාලනය අරඹන්නේද රොකා අගමැතිගේ ලේකම් වරයෙකු ලෙසය. ඔහුගේ වියෝව පැරණි සමාජවාදීන්ට මෙන්ම ප‍්‍රංශ ජනතාවට අතිමහත් වේදනාවකි. ප‍්‍රංශයේ සියලූම දේශපාලන පක්ෂ නායකයෝ ඔහුගේ වියෝව ගැන ශෝක පණිවුඩ නිකුත් කළේය. ඔවුන් සියල්ලෝම ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියෝය. දැනට ජීවතුන් අතර සිටින හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු සියල්ලෝමද එක් වූහ. ඔහුගේ අවසන් කටයුතු සිදු වියයුතු ආකාරය මරණයට පෙර ඔහු විසින් සඳහන් කොට තිබුණේය.

ඔහුට රාජ්‍ය ගෞරව පිරිනමා ඉතාමත් චාම් අයුරින් ඔහුගේ අවසන් කටයුතු සිදු විය.

01 l-ancien-premier-ministre-socialiste-michel-rocard-le-24-octobre-1993-au-bourget michel-rocard michel-rocard-with-Mitterrand o-FRANCOIS-HOLLANDE-MICHEL-ROCARD-facebook rocard_hommage_invalides_dreapeau_def

 

 

 



අදහස් (0)

ප්‍රංශයේ සැබෑ නායකයෙක් සමුගනී

ශර්ලි Monday, 11 July 2016 09:41 AM

මෙන්න නියම දේශපාලකයෝ .අපේ රටේ කවදා බිහිවෙහිද මේවගේ අය ඔබට මොක් සුව පතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site