
දැඩි උණුසුම් කාලගුණය හමුවේ, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ළැව්ගිනි පැතිරෙමින් පවතී. ළැව් ගිනිවලින් ජීවිත බේරා ගැනීමටත්, ළැව් ගිනි පාලනය කිරීමටත් ගිනි නිවන භටයන් මහත් පරිශ්‍රමයක් දරන බව පැවැසෙයි.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට බටහිර දෙසින් ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, අනතුරුදායක ප්‍රදේශවල පදිංචි ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසීය.
ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය ස්පාඤ්ඤය මුහුණ දෙන දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය බවය.
ප්‍රංශයේ ළැව් ගිනි පැතිරෙන්නේ බර්දෝ පළාතේය. ලක්ෂ දෙකකට පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.
දැඩි වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ළැව් ගිනි පාලනය කිරීම අපහසු වී ඇති බවත් ප්‍රංශ ගිනි නිවන භටයෝ පවසති.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ උපදෙස් අනුව, ගිනි නිවන භටයන්ගේ සහායට ප්‍රංශ හමුදාව යොදවා ඇතැයි ද පැවැසෙයි. ප්‍රංශයේ හෙක්ටයාර් 98,000 ක් ළැව් ගිනිවලින් විනාශ වී ඇතැයි ද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd