IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ප්‍රංශයේ සංගීතඥයෙක් වලස් ප්‍රහාරයකින් මරුට

ජූලියන් ගවුදියර් නම් ප්‍රංශ සංගීතවේදියා කැනඩාවේදී වලසකුගේ පහරදීමකින් මියගොස් ඇත.

සොබාදහමේ එන නාදරටා සංගීතයට යොදාගැනීම සම්බන්ධයෙන් පර්යේෂණයක් කරමින්, කැනඩාවේ ටුලීටාහි කඳවුරක සිටියදී, එහි ඇතුළු වූ වලසකු පහරදීම හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.

මිය යන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවිය. 

ඔහු කැමේලි ටොස්කානි නම් ජීවවිද්‍යාඥයකු ද සමග සංගීතයට අදාළ පටිගතකිරීමක් සඳහා මෙහි ගොස් තිබේ. කඳවුරට රාත්‍රියේ පැමිණි වලසා ගවුදියර්ට පහරදී ඔහුව ඩැහැගෙන පිටව ගිය බව කැමේලි පවසා ඇත.

ඔහුගේ මළ සිරුර පසුවදා සොයාගෙන ඇති අතර, පොලිස් නිලධාරීහු ගවේෂණය අතරතුරදී මෙම සිද්ධියට අදාළ බවට සැකකරන වලසුන් දෙදෙනෙකු මරා දමා ඇත. වලසුන්ගේ සිරුරු පරීක්ෂණ සඳහා ගෙනගොස් තිබෙන බවද පොලිසිය කියයි.
 
(ද ගාඩියන් ඇසුරිනි) 

16844


 



අදහස් (0)

ප්‍රංශයේ සංගීතඥයෙක් වලස් ප්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 800 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 388 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site