ජූලියන් ගවුදියර් නම් ප්‍රංශ සංගීතවේදියා කැනඩාවේදී වලසකුගේ පහරදීමකින් මියගොස් ඇත.
සොබාදහමේ එන නාදරටා සංගීතයට යොදාගැනීම සම්බන්ධයෙන් පර්යේෂණයක් කරමින්, කැනඩාවේ ටුලීටාහි කඳවුරක සිටියදී, එහි ඇතුළු වූ වලසකු පහරදීම හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.
මිය යන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවිය.
ඔහු කැමේලි ටොස්කානි නම් ජීවවිද්‍යාඥයකු ද සමග සංගීතයට අදාළ පටිගතකිරීමක් සඳහා මෙහි ගොස් තිබේ. කඳවුරට රාත්‍රියේ පැමිණි වලසා ගවුදියර්ට පහරදී ඔහුව ඩැහැගෙන පිටව ගිය බව කැමේලි පවසා ඇත.
ඔහුගේ මළ සිරුර පසුවදා සොයාගෙන ඇති අතර, පොලිස් නිලධාරීහු ගවේෂණය අතරතුරදී මෙම සිද්ධියට අදාළ බවට සැකකරන වලසුන් දෙදෙනෙකු මරා දමා ඇත. වලසුන්ගේ සිරුරු පරීක්ෂණ සඳහා ගෙනගොස් තිබෙන බවද පොලිසිය කියයි.
(ද ගාඩියන් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd